ගුවන් හමුදාව නව වසර සමරයි
3:14pm on Friday 1st January 2016
2016 නව වසරේ වැඩ ආරම්භ කරමින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් අද (2016 ජනවාරි මස 01) දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානයේ සහ කොළඹ ගුවන් හමුදා කඳවුරේ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලදී.

මෙහිදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් පසුගිය වසර තුළ ගුවන් හමුදාවේ අභිවෘත්ධිය උදෙසා තම කැපවීම දායකත්වය දැක්වූ සියළුම ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අගයමින් සුභාශිංසන පිරි නමන ලදී. එසේම ඔවුන් හට නිසියාකාරව එම කාර්යයන් ඉටුකරලීම සඳහා යහපත් මානසිකත්වයක් වෙනුවෙන් කැපවූ සියළුම සාමාජික සමාජිකාවන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් වෙතද තම සුභාශිංසන පිරිනමන ලදී.

එසේම නව වසර තුළදී ඉටකරලීමට බලාපොරොත්තු වන කාර්යයන් සහ ව්‍යාපෘතීන් පිළබඳවද ගුවන් හමුදාධිපතිතුමන් පුකාශ කරන ලදී. එහිදී කටුනායක ගුවන් හමුදා කඳවුර තුළ දැනට ක‍්‍රියාත්මක ප‍්‍රාථමික පාසල ද්විතීය පාසලක් ලෙස වැඩිදියුණු කොට මෙම වසර තුළදී නව පන්ති ආරම්භ කිරීම සිදු කරන බව ප‍්‍රකාශ කරන ලදී. එසේම ගුවන් හමුදාවේ සියළුම වාහන වල දුම් පරීක්‍ෂාවන් සිදු කිරීම මෙම වසරේ සිට ආරම්භ කරනු ලබන බවත් එමගින් පරිසරය සුරැුකීමේ  කාර්යයට ගුවන් හමුදාවේ දායකත්වය සෘජුවම දැක්වීමට හැකි බව පවසන ලද අතර ඉදිරි වර්ශය තුළදී රුක් රෝපණ වැඩ සටහන් රැුසක් ක‍්‍රියාත්මක කිරීමද සිදු කරන බව පවසන ලදී.

ගුවන් හමුදා සාමාජික සමාජිකාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට මෙන්ම මුළු රටටම සෙත් පතා සර්ව ආගමික ආශිර්වාද පූජාවක්ද පවත්වන ලදී.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි