ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරට ද්විතීයීක පාසැලක්
7:49pm on Monday 4th January 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලික කදවුරෙහි පැවති ගුවන් හමුදා ප‍්‍රාථමික පාසැල නවීන පහසුකම් වලින් සමන්විත ද්විතීයීක පාසැලක් ලෙස ප‍්‍රතිසංවර්ධනය කරනු ලැබූ අතර අද දින ( 2016 ජනවාරි 04 ) ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමා අතින් විවෘත විය. කටුනායක මූලික කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ විසින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා ඇතුලූ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ආරාධිතයන් පිරිස සාදරයෙන් පිළිගන්නා ලදී.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය ගුවන් ගුවන් හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් අනූව ආරම්භ වූ අතර එමගින් වඩාත් ගුණාත්මක වූ ද්විතීය අධ්‍යාපනයක් සහ සමාන වූ ඉඩ ප‍්‍රස්ථාවක්ල කදවුරු තුල ජීවත් වන දරුවන්ට මෙන්ම කදවුර අවට ජීවත්වන දරුවන් හටද, ඔවුන්ගේ සාමාජීය හෝ මුල්‍ය තත්වය නොසලකමින් ලබා ගැනීමට හැකිවීම එම සත්කාරයේ විශේෂත්වයකි.

 සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, සුභසාධක අධ්‍යක්ෂක , එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා, දෙමාපියන් සිසු දරු දැරියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

නවීන පහසුකම් වලින් සපිරි මෙම පාසැලෙහි නවීකරණ කටයුතු සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ සහ කටුනායක ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ශණ පතිරණ යන නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ් සිදු කරන ලදී. ගෲප් කැප්ටන් පාලිත බාලසූරිය සහ ගෲප් කැප්ටන් උදුල විජේසිංහ මෙම ප‍්‍රතිසංවර්ධන කාර්යාවලියේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදි.

මෙම පාසැල 1961 වර්ෂයේ මැයි මස 20 වන දින ආරම්භ කරන ලද අතර එහි අරමුණ වූයේ  දරුවන් හට ද්විතීක මට්ටම දක්වා අධ්‍යාපනය ලබා දීමයි. කෙසේ වුවත් 1970 වර්ෂයේ අගභාගයේදී මෙම පාසල ප‍්‍රාථමික පාසැලක් ලෙස වර්ගීකරණය කරන ලදී. මීට පෙරාතුව මෙම පාසැල කිඹුලාපිටිය මහා විද්‍යාලයට අනුබද්ධව පැවතුණි. වර්තමානයේ දරු දැරියන් 103 දෙනෙකු මෙම විදුහලේ අධ්‍යාපනය හදාරන අතර ගුරුවරුන් 07 දෙනෙකු ඉගැන්වීමේ කටයුතු වල නිරත වේ.
   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි