යොවුන් ගුවන් යානා තාක්ෂණික සමාජයේ තුන්වන වැඩමුළුව ගුවන් හමුදා කෞතුකාගාරයේදී
3:01pm on Tuesday 5th January 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කෞතුකාගාරය මගින් යොවුන් ගුවන් යානා තාක්ෂණික සමාජයේ සමාජික සාමාජිකාවන් වෙනුවෙන් ගුවන් යානා එන්ජින් පිළිබඳව පවත්වනු ලබන  වැඩමුළු මාලාවේ තුන්වන වැඩමුළුව පසුගිය දා රත්මලාන  ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයේදී පවත්වන ලදී. මෙහිදී මෙම වැඩමුළු මාලාවේ පළමුවැන්න ලෙස  'ගුවන් සේවා මූලධර්මයන්' පිළිබඳව ද දෙවන වැඩමුළුව ලෙස 'ගුවන් යානා ගොඩබැස්සවීමේ ගියර පද්ධති' පිළිබඳව ද පැවති වැඩමුළු දෙක සම්පූර්ණ කරන ලද සිසු දරු දැරියන් මෙම විශේෂිත එක් දින වැඩසටහන සඳහා සහභාගී වූහ.

සිසු දරු දැරියන් පන්සියයකගේ (500) සහභාගීත්වයෙන් පැවති මෙම දේශනයේදී මූලිකව ගුවන් යානා එන්ජින් පිළිබඳව න්‍යායික හා ප‍්‍රායෝගික දැනුම, වීඩියෝ දර්ශන සහ ගුවන් යානා තාක්ෂණය පිළිබඳ මූලික දැනුම ලබා දෙන ලදී. මෙම වැඩමුළුව අවසානයේ සිසු දරු දැරියන් හට සහතික පත‍්‍ර ප‍්‍රදානය ද සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි