පාකිස්ථාන අගමැති ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානාවකින් මහනුවරට
3:19pm on Wednesday 6th January 2016
ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන පාකිස්ථාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිිතුුමා සහ  බෙගම් කල්සූම් ෂරීෆ් මැතිණිය අද (2016 ජනවාරි 06) දින උදෑසන ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානයකින් මහනුවර බලා පිටත්විය.

පාකිස්ථාන අග‍්‍රාමාත්‍යතුමන් කොළඹ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රය වෙත රතු පලස් මතින් පිළිගැනීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් සිදු කරන ලදී.  

ගුවන් හමුදාවට අයත් එම් අයි 17 වර්ගයේ ප‍්‍රභූ ප‍්‍රවාහන හෙලිකොප්ටර් යානා දෙකකින් පාකිස්ථාන අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු ධූත පිරිස මහනුවර බලා පිටත්ව යන ලදි. මහනුවර ඓතිහාසික නගරයේ සංචාරයක නිරත වීමට නියමිත පාකිස්ථානව අග‍්‍රාමාත්‍යතුමන් එහිදී ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට නියමිතය. තවද මහනුවර පිහිටි ඉස්ලාම් දේවස්ථානයක් සහ ජිනා මධ්‍යස්ථානයෙහි සංචාරය කරන පාකිස්ථාන අග‍්‍රාමාත්‍යතුමා එතුමන්ගේ සංචාරය සිහිවනු පිණිස ජේරාදෙනිය උද්භිත උද්‍යාන පරිශ‍්‍රයේ කරඳ පැලයක් සිටුවීමටද නියමිතය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි