ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලට නව පෙර පාසලක්
3:09pm on Thursday 7th January 2016
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ඉදිකරන ලද නව පෙර පාසල අද දින (2016 ජනවාරි 07)  ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මිය අතින් විවෘත කරන ලදී.

කඳවුරේ පැවති පැරණි පෙර පාසල සාමාන්‍ය විවාහක නිවස්නයක පවත්වාගෙන යනු ලැබූ අතර එහි පැවති පහසුකම්ද සීමිත තත්වයේ පැවතිණි. කදවුරු ආසන්නයේ වාසය කරන සිවිල් පවුල්වලද ඉල්ලීම සපුරාලනු පිණිස අළුතින් ඉදිකරන ලද පෙර පාසල් ගොඩනැගිල්ල නවීන පහසුකම් වලින් සමන්විතව ඉදිකරන ලදි.

දැනට මෙම පෙර පාසලේහි කාණ්ඩ තුනක් යටතේ සිසුන් 39 දෙනෙකු ඉගෙනුම ලබන අතර මෙම පෙර පාසල තුළ ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ දරු දැරියන් හට මෙන්ම ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල අවට දරු දැරියන් හටද ඉගෙනීමේ අවස්ථාව හිමි වේ. ගුවන් හමුදාවේ ඉල්ලුම මෙන් දෙගුණයක පමණ ඉල්ලුමක් කදවුරු අවට සිවිල් පවුල්වල දරු දැරියන් පෙර පාසැලට ඇතුලත් කිරීම සදහා පවතී. 2016 වර්ෂය සඳහා සිසුන් 20 දෙනෙකු බදවාගෙන ඇති අතර ඉන් 13 දෙනෙකු සිවිල් පවුල් වලට දරු දැරියන් වෙි.  මෙම පෙර පාසලෙහි ගුරු මණ්ඩලය තිදෙනෙකුගෙන් සමන්විත වන අතර ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ඔවුන්ගේ දැනුම සහ කුසලතාවයන් වර්ධනය කර ගැනීම සදහා නිරන්තර සහය හිමිවේ.

මෙම පෙර පාසල නවීන පහසුකම් වලින් සමන්විත වන අතර පන්ති කාමර, ක්‍රීඩා කිරීමේ ඉඩ පහසුකම්, පිහිනුම් තටාක සහ ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම්ද ඇතුලත් වේ.

මෙහි ඉදිකිරීමේ හා නවීකරණ කටයුතු සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම් ජේ ආර් පෙරේරා යන නිළධාරීන්ගේ අධීක්ෂණය යටතේ් සිදු කරන ලදී.

ගුවන් හමුදා විධායක ආධුනිකයන් බදවාගැනීමේ නිළධාරී එයාර් කොමඩෝර් ඩී.ජේ.සී වීරකෝන්, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාස
ලේ  අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම් ජේ ආර් පෙරේරා, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන්, දෙමාපියන් සහ සිසු දරු දැරියන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි