අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතිය
6:49pm on Thursday 7th January 2016
අපි වෙනුවෙන් අපි නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ඉදිකර නිමකරන ලද නිවාස හැට නමයක් (69) සහ මුලතිව් දිස්ති‍්‍රක්කයේ (සම්පත් පුර) ඉදි කර නිම කරන ලද නිවාස පනස් එකක් (51) රණවිරුවන් හට පිරිනැමීම 2016 ජනවාරි මස 07 වන දින රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මැතිතුමාගේ අතින් සිදු කරන ලදී.

මෙම උත්සවය කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල  ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලද අතර ගුවන් හමුදා සාමාජිකයින් හයදෙනෙකු සංකේතාත්මකව රාජ්‍ය ආක්‍ෂක අමාත්‍යතුමන් අතින් නිවාසයන්හි යතුරු ලබාගන්නා ලදී.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ අපි වෙනුවෙන් අපි දෙවන අදියර යටතේ යුධ හමුදා සාමාජිකයින් 37 දෙනෙකු, නාවික හමුදා සාමාජිකයින් 19 දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් 13 දෙනෙකු හට නිවාස හිමි විය.

එසේම මුලතිවු දිස්ත‍්‍රික්කයේ යුධ හමුදා සාමාජිකයින් 45 දෙනෙකු, නාවික හමුදා සාමාජිකයින් 04 දෙනෙකු සහ ගුවන් හමුදා සාමාජිකයින් 02 නෙකු හට නව නිවාස හිමි විය.

ඊට සමගාමීව ගුවන් හමුදා සාමාජිකයින් 75 දෙනෙකු ඇතුළුව ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින් 347 දෙනෙකු හට අර්ධ වශයෙන් ඉදිකොට ඇති නිවාසයන්හි ඉදිරි වැඩ කටයුතු සිදු කර ගැනීමට අවශ්‍ය අමුද‍්‍රව්‍ය ලබා ගැනීමට රු 750000 ක් (එක් අයෙකු සඳහා) වටිනා සුදුසුකම් සහතික පත් ලබා දෙන ලදී.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ති‍්‍රවිධ හමුදාධිපතිවරුන්, රජයේ ජේෂ්ඨ නිළධාරීන්,  සන්නද්ධ සේවා නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි