ගුවන් හමුදා පැල සිටුවීමේ වැඩසටහන
8:25am on Monday 11th January 2016
ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනපති පදවි ප්‍රාප්ති වර්ෂ පූර්ණය වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද පැල සිටුවීමේ වැඩසටහන අද (2016 ජනවාරි 09) දින කොග්ගල ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.

ගුවන් හමුදා පැල සිටුවීමේ වැඩසටහන ආරම්භ කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් බූදිල්ලා (වෙරළ ශාඛ විශේෂයක්) පැලයක් රෝපණය කරන ලදි. ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා, කොග්ගල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් චමින්ද වික්‍රමරත්න , හිටපු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ෂෙහාන් විජේනායක, නිලධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

මෙම අවසථාව සංකේතවත් කරමින් ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයන්හි පැල 6000 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමට ගුවන් හමුදාව කටයුතු කරන ලදී.





කොග්ගල කදවුර


අනුරාධපුර කදවුර



චීන වරාය කදවුර


වවුනියාව කදවුර


පාලවිය කදවුර


කටුකුරුන්ද කදවුර


මඩකලපුව කදවුර

ඉරණමඩු කදවුර


මීරිගම කදවුර


පලාලි කදවුර



වන්නි කදවුර



කටුනායක කදවු



රත්මලාන කදවුර



වෘත්තීය පුහුණු පාසැල ඒකල



සීගිරිය කදවුර


දියතලාව සටන් පුහුණු පාසල


වීරවිල කදවුර



මොරවැව කදවුර



අම්පාර කදවුර



හිගුරක්ගොඩ කදවුර
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි