කොග්ගල ගුවන් හමුදා කඳවුරට නව නිවාඩු නිකේතන දෙකක්
10:35am on Monday 11th January 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුරේ අළුතින් ඉදිකරන ලද  ”සදර්න් හොරයිසන්” නිවාඩු නිකේතනය සහ නිළධාරී නිවාඩු නිකේතනය අද (2016 ජනවාරි 09) දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් විවෘත කරන ලදී.

”සදර්න් හොරයිසන්” නිවාඩු නිකේතනයෙහි ඉදිකිරීම් කටයුතු රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් ධවාන පථ ඉදිකිරීම් පක්‍ෂාංගය මගින් සිදු කරන ලද අතර නිළධාරී නිවාඩු නිකේතනයෙහි ඉදිකිරීම් කටයුතු කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය මගින් සිදු කරන ලදී. එම සියළු ඉදිකිරීම් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ මහතාගේ පූර්ණ අධීක්‍ෂණනය යටතේ සිදු කරන ලදී.

ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රනිල් ගුරුසිංහ, ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස්, ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ලාල් පෙරේරා, කොග්ගල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් චමින්ද වික්‍රමරත්න , හිටපු අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ෂෙහාන් විජේනායක,  ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි