කටුනායක ගුවන් හමුදා කඳවුරට නව පෙර පාසලක්
2:51pm on Monday 18th January 2016
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අළුතින් ඉදිකරන ලද නව පෙර පාසල ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය විසින්  2016 ජනවාරි මස 12 වන දින විවෘත කරන ලදී.

මෙම පෙර පාසල අංග සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත වෙයි. ඉඩපහසුකම් වලින් සමන්විත පන්ති කාමර, පරිගණක පහසුකම්, ගෘහස්ත ක‍්‍රිඩා කාමරයක්, රුස්වීම් ශාලාවක්, පුස්තකාලයක්, නව පන්ති කාමර උපකරණ, ශ‍්‍රව්‍ය දෘශ්‍ය උපකරණ සහ බාහිර ක‍්‍රීඩා පහසුකම් ඒ අතර වෙයි.

වැඩබලන සුභ සාධක අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු, කටුනායක කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එච්එම්එස්කේබී කොටකදෙණිය, ගුවන් හමුදා නිළධාරීන්, සෙසු නිළයන්, ගුරු මහත්ම මහත්මීන්, දරු දැරියන් සහ දෙමාපියන් රැසක් ද මෙම අවස්ථාවට එක්විය.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි