ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට නව ශල්‍යාගාරයක් සහ හදිසි ප‍්‍රථිකාර ඒකකයක්
10:54pm on Monday 25th January 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර රෝහල් පරිශ‍්‍රයේ අළුතින් ඉදිකරන ලද ශල්‍යාගාරය සහ හදිසි ප‍්‍රථිකාර ඒකකය විවෘත කිරීම අද (2016 ජනවාරි මස 25) දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් සිදු කරන ලදී.

මෙම ශල්‍යාගාර පරිශ‍්‍රය සහ හදිසි ප‍්‍රථිකාර ඒකකය නවීන අංගෝපාංගයන්ගෙන් යුක්ත වූ හදිසි ප‍්‍රථිකාර ඇඳන් 3 කින් යුක්ත වෙයි. මෙම පරිශ‍්‍රයේ ඉදිකිරීම් කටයුතු ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂකය මගින් මෙහෙයවන ලදී.

ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එම්ඞීඒපී පායෝ, ජ්‍යේෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි