ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රිඩිකාවන්ගෙන් 2016 සාග් ක‍්‍රීඩා උළෙලේ ඉහල දස්කම්
11:25am on Wednesday 10th February 2016
”ක‍්‍රීඩා කරන පුද්ගලයා කවුද, ඔහු බැබළෙයි”  යනුවෙන් ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද‍්‍ර මෝදි විසින් 2016 දකුණු ආසියානු ක‍්‍රීඩා තරඟාවළියේ ආරම්භක උළෙල අමතමින් ප‍්‍රකාශ කරන ලදී. තවදුරටත් අදහස් දක්වමින් සහයෝගය, එකමුතුබව සහ කුසලතාව ක‍්‍රීඩාවක පිහිටිය යුතු ගුණාංග බව ප‍්‍රකාශ කරන ලදී.

1984 වසරේ නේපාලයේ කත්මන්ඩු නුවර පැවති පළමු තරඟාවළියෙන් අනතුරුව වසරින් වසර නව ක‍්‍රිඩා ඉසව් එක්වෙමින් දකුණු ආසියානු රාජ්‍යයන්හි විවිධ නගර ආශ‍්‍රීතව තරඟාවළි පවත්වන ලදී. අද වන විට දකුණු ආසියානු රටවල් 8ක් මෙහි සාමාජිකත්වය දරනු ලබන අතර එම රටවල් 8හි තරඟකරුවන් රාශියක් මෙවර තරඟාවළියේ තම හැකියාවන් ප‍්‍රදර්ශනය කරනු ලබයි. එහිදී ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්ථානය සහ ශ‍්‍රී ලංකාව මෙවර තරඟාවළියට සහභාගී වී සිටින රටවල් අතර වෙයි.

2016 සාග් තරඟාවළිය දකුණු ආසියානු රටවල් අතර මිත‍්‍රශීලී සහයෝගිතාවය වර්ධනය කිරීම උදෙසා අනුපමේය දායකත්වයක් දක්වවනු ලබයි.

ක‍්‍රීඩා ඉසව් 23 කින් 21 ක් නියෝජනය කරමින් නිළධාරීන් 12 ක්, ගුවන් භටයින් 42 ක් සහ ගුවන් කාන්තාවන් 55 ක් 2016 සාග් තරඟාවළිය සඳහා සහභාගී වෙයි.

2016 සාග් තරඟාවළියේ ශ‍්‍රී ලංකා අභිමානය විදහා දක්වමින් ගුවන් හමුදා ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන් විසින් 2016 පෙබරවාරි මස 07 වන දින වන විට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම්රැසක් දිනා ගන්නා ලදී.

රන් පදක්කම්
කෝප‍්‍රල් ජීවන් ජයසිංහ ජේ - පාපැදි


රිදී පදක්කම්
නායක ගුවන් කාන්තා ගෝමස් බී ඩී එච් - කි ග‍්‍රෑ 48 කාන්තා බර ඉසිලීම
නායක ගුවන් කාන්තා ධර්මසේන එල් ජී ඒ වී - කි ග‍්‍රෑ 63 කාන්තා බර ඉසිලීම
නායක ගුවන් කාන්තා ප‍්‍රියංගි කුමාරි - කි ග‍්‍රෑ 55 කාන්තා මල්ලවපොර
නායක ගුවන් භට නවීන් රුචිර අපුපුහාමි - පාපැදි

ලෝකඩ පදක්කම්
නායක ගුවන් කාන්තා කුමාරි - කි ග‍්‍රෑ 69 කාන්තා මල්ලවපොර
නායක ගුවන් කාන්තා  උමේරියා එම් - කි ග‍්‍රෑ 58 බර ඉසිලීම
නායක ගුවන් කාන්තා පි‍්‍රයදර්ශනී පී ඒ එස් - පාපැදි




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි