12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩි දක්ෂතා දක්වති.
4:59pm on Friday 19th February 2016
12 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පළමු කණ්ඩායම තම ඉසව් අවසන් කරමින් අද (2016 පෙබරවාරි 10) වන දින දිවයිනට පැමිණෙන ලදී. මෙහිදී ගුවන් හමුදාව නියෝජනය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලියේදී වැඩි දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකීය නාමය පදක්කම් වලින් බැබලවීමට සමත් විය.

ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නීළධාරීන් අනෙකුත් නිළධාරීන් සහ ගුවන් හමුදා ක්‍රීඩා කවුන්සලයේ නිළධාරීන් පිරිසක් ද බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපලේදී මාතෘ භූමියට කීර්තියක් අත්කර දුන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා උණුසුම් අයුරින් පිළගන්නා ලදී.

තම ඉසව් අවසන් කරමින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් පදක්කම් ලබාගත්වුන්ගේ සහ ඉදිරිපත්වූවන්ගේ විස්තර පහත සදහන් වේ.

රන් පදක්කම් ලාභීන්
පාපැදි
නායක ගුවන් භට ජීවන් ජයසිංහ - රන් පදක්කම් 02යි 
කිලෝමීටර 60 - පිරිමි
කිලෝ මීටර 100 තනි පුද්ගල - පිරිමි

රිදී පදක්කම් ලාභීන්
පාපැදි
නායක ගුවන් භට නවීන් රුචිර - කිලෝමීටර 60 - පිරිමි
නායක ගුවන් භට සුධාරිකා ප්‍රියදර්ශනී - කිලෝමීටර 40 කණ්ඩායම් කාලඝන තරග

බර ඉසිලීම
නායක ගුවන් භට පීටර්ස් එස් එම්(105 කිලො ග්රෑම්)
නායක ගුවන් භට ගෝමස් බී ඩී එච් (48 කිලො ග්රෑම්)
නායක ගුවන් භට ධර්මසේන එල් ජී ඒ වී (63 කිලෝ ග්රෑම්)
නායක ගුවන් භට වික්රරමසිංහ ඩබ් එම් ඒ එස්(75 කිලෝ ග්රෑම්)

මල්ලව පොර
නායක ගුවන් භට වීරසිංහ ඩබ් ඊ සී කේ ආර් (75 කිලෝ ග්රෑම්)
නායක ගුවන් භට ප්‍රියන්ගාකුමරි එම් ඩබ් ඩී එම් (60 කිලෝ ග්රෑම්)

වොලිබෝල් - පිරිමි
නායක ගුවන් භට ප්රනාන්දු කේ ඒ එන් සී (පිරිමි)
වොලිබෝල් - කාන්තා
නායක ගුවන් භට ප්රසාදිනී ජේ එච් ඩී
නායක ගුවන් භට තුෂාරි ජේ ඩබ් පී
නායක ගුවන් භට උමයන්ගනී එෆ් ආර් අයි
නායක ගුවන් භට රණසිංහ ආර් එම් ඒ

ලෝකඩ පදක්කම්
පාපැදි - පිරිමි
කෝප්රල් බුද්ධික වර්ණකුලසූරිය - කිලෝමීටර 70 කණ්ඩායම් කාල කාලඝන  (පිරිමි)
නායක ගුවන් භට ඩේන් නුගේරා - කිලෝමීටර 70 කණ්ඩායම් කාල කාලඝන (පිරිමි)
පාපැදි - කාන්තා
නායක ගුවන් භට සුධාරිකා ප්‍රියදර්ශනී - කිලෝමීටර 40(කාන්තා)

බර ඉසිලීමේ - පිරිමි
නායක ගුවන් භට සමරසේකර ආර් එම් ආර් ආර් - 85 කිලෝ ග්රෑම්
බර ඉසිලීමේ - කාන්තා
නායක ගුවන් භට උමේරා එම් - 58 කිලෝ ග්රෑම්


මල්ලව පොර - පිරිමි
නායක ගුවන් භට මධුරංග ටී කේ එස් - 70 කිලෝ ග්රෑම් 
මල්ලව පොර - කාන්තා
නායක ගුවන් භට කුමාරි එම් ඩබ් ඩී එම් පී - 55 කිලෝ ග්රෑම්
නායක ගුවන් භට සෙනවිරත්න ජී ජී ඒ - 69 කිලෝ ග්රෑම්
නායක ගුවන් භට රූපසිංහ ආර් ඒ එම් එන් - 63 කිලෝ ග්රෑම්


සහභාගීවූවන්
නායක ගුවන් භට මදුමාලි ඩබ් පී එම් - වූෂු
සැරයන් චන්ද්රසේන එච් ඒ ටී - කෝ කෝ


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි