2016 සිංගප්පූරු ගුවන් සංදර්ශනයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ද සහභාගීත්වය
9:08am on Sunday 21st February 2016
සිංගප්පූරු ගුවන් සංදර්ශනය ආසියාවේ විශාලතම හා ලොව වඩාත්ම වැදගත් වන අභයාවකාශ හා ආරක්ෂක ප්‍රදර්ශනයකි. ඇත්ත වශයෙන්ම මෙම ලෝක ප්‍රසිද්ධ සංදර්ශනය ලොව පුරා ඉහළ ගගන සමාගම් විසින් නවීන පද්ධති සහ උපකරණ සහ ඔවුන්ගේ තාක්ෂණය හා නවතම වර්ධනයන් යොදා ගනිමින් ප්‍රදර්ශනය කරනු ලබයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා නියෝජිතයින් පිරිසක් මීට සහභාගී වූ අතර ජාත්‍යන්තර ගුවන් හමුදාවන්හී ගුවන් හමුදා ප්‍රධානීන් 23 දෙනෙකු ඇතුළු තවත් බොහෝ රජ්ය සහ ආරක්ෂක සම්භාවනීය අමුත්තන් පිරිසක් ද මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටියහ.

මෙම 2016 සිංගප්පූරු ගුවන් සංදර්ශනය ගුවන් නායකත්ව සමුළුවකින් සහ පෙර නොවූ විරූ ජාත්‍යන්තර ජ්යේෂ්ඨ වාණිජ හා රයේ නියෝජිත කණ්ඩායම්  ජාලයකින් ද සමන්විත වේ.

"ඒ" ස්ටාර් ගගන තාක්ෂණ නායකත්ව සංසදය හා සිංගප්පූරු ගගන තාක්ෂණ හා ඉංජිනේරු සමුළුව මෙම ප්‍රදර්ශනය තුළ පවත්වා ඇති අනෙකුත් මූලෝපායික සම්මේලන දෙක විය.

මෙම ප්‍රදර්ශනයේ විශේෂ ලක්ෂණය වනුයේ එහි වෙබ් අඩවිය තුලට ගුවන් හමුදා ගුවන් සේවාවන් හී අනර්ඝතම රාජ්‍ය නව්යකරණයන් හා ජාල ගැන ඉගෙනගන්න ගැනීමට උපකාර කරන නැගී එන ගුවන්යානා තාක්ෂණික කලාපය, ව්‍යාපරික ගුවන් සේවා කලාපය සහ පුහුණු හා සමාකරණ කලාපය ලෙස විශේෂ ආරක්ෂිත කලාප තුනක් මෙම අවස්ථාවේදී හදුන්වාදීමයි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි