ගුවන් හමුදා පාපැදි සවාරියේ - 2015
9:11am on Friday 26th February 2016
ශ්රී ලංකා ගුවන් හමුදාවේ 65 වන සංවත්සරයට සමගාමීව 17 වන වරට පවත්වනු ලබන ගුවන් හමුදා පාපැදි සවාරිය සම්බන්ධයෙන් මාධ්ය දැනුවත් කිරීමේ මාධ්ය සාකච්ඡාවක් පසුගිය දා (2016 පෙබරවාරි 18) වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථාන ශ්රවණාගාරයේදී පවත්වන ලදී.

 ජාතික මට්ටමේ අංක එකේ පාපැදි තරගවලියක් වන ගුවන් හමුදා පාපැදි සවාරිය ශ්රී ලංකා ගුවන් හමුදාව ශ්රී ලංකා පාපැදි සම්මේලනය හා එක්ව සංවිඩ්ධානය කරනු ලබන අතර ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ පාපැදි තරගකරුවන් 150 කට අධික ප්රමාණයක් තරගකාරියන් 50 කට අධික ප්රමාණයක් සහ ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ ලියාපදිංචි පාපැදි ධාවකයින් සහභාගීවන මෙම පාපැදි තරඟය දකුණු සහ සබරගමු පළාත් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දින තුනක් පුරා පැවැත්වෙන පිරිමි පාපැදි සවාරිය ප්රථම දිනය (2016පෙබරවාරි මස 25 වන දින) කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා වන අතර එහි දුර ප්රමාණය කි.මි. 178 කි. දෙවන අදියර (2016 පෙබරවාරි මස 26 වන දින) වීරවිල සිට කොග්ගල දක්වා වන අතර එහි දූර ප්රමාණය කි.මී.131 කි. 2016 පෙබරවාරි මස 27 වන දින කොග්ගල සිට කොළඹ දක්වා තරගාවලිය පැවැත්වෙන අතර කොළඹ  ගුවන්  හමුදා  මුලස්ථානය ඉදිරිපිටින් තරගය අවසන් වීමට නියමිතය.

එහි දුර ප්රමාණය කි.මී. 133 කි. එසේම 2016 පෙබරවාරි මස 27 වන දින කාන්තාවන් වෙනුවෙන් ද එක් තරග අංශයක් ඒකල ගුවන් හමුදා කදවුර සිට කොළඹ ගුවන්  හමුදා මූලස්ථානය දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එහි දුර ප්රමාණය කි.මී.65.8 කි. මෙම පාපැදි සවාරිය සඳහා පුර්ණ අනුග්රහය අබාන්ස් ආයතනය විසින් විසින් සපයනු ලබන අතර  ජාතික රූපවාහිනිය මාධ්ය අනුග්රහය සපයනු ලබයි.

 මෙම  පාපැදි  සවාරියේ  ප්රධාන  අරමුණ  වන්නේ පාපැදි  තරගකරුවන්  අතර තරගකාරීත්වය ඇතිකිරීම හා පාපැදි තරග ශ්රී ලංකාව තුල ව්යාප්ත කිරීම වන අතර මෙම තරගය ජාතික පාපැදි සම්මේලනයේ නීතිරීති වලට යටත්ව සිදු කරනු ලබයි.මෙම මාධ්ය හමුවේදී අබාන්ස් සමූහ ව්යාපාරය විසින් ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති  මාණ්ඩලික ප්රධානී එයාර් වයිස් මාර්ෂල් ඩී එල් එස් ඩයස් මහතා හට අනුග්රාහක චෙක්පත ලබා දීම ද සිදුකෙරුනි. මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිළයන් සහ අනෙකුත් අනුග්රාහකයින් පිරිසක් ද සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි