12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී විශිෂ්ට දස්කම් දැක්වූ ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකවන් හට උපහාර පිදේ.
9:16am on Friday 26th February 2016

12 වන දකුණු ආසියානු ක්රීඩා උළෙලේදී විශිෂ්ට දස්කම් දක්වමින් ගුවන් හමුදාවට කීර්තියක් අත් කරදුන් ගුවන් හමුදා ක්රීඩක ක්රීඩිකවන් හට ඔවුන්ගේ දක්ෂතා අගයමින් ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් සේවය උසස්වීම් හා මුදල් ත්යාග පිරිනැමීමේ උත්සවයක් කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේ දී 2016 පෙබරවාරි මස 18 වන දින පැවැත්විණ.

මෙම අභිමානවත් උත්සවය ගුවන් හමුදාවට සහ මාතෘ භූමියට වැඩි ගෞරවයක් ගෙන ඒමට සමත් වූ ගුවන් හමුදා ක්රීඩක ක්රීඩිකවන්ගේ ක්රීඩා කුසලතාවයන් වැඩිකිරීම හා ඔවුන් දිරිමත් කිරීම වෙනුවෙන් සංවිධානය කරන ලදී.

ගුවන් හමුදා අධ්යක්ෂක මණ්ඩලයේ නිළධාරීන් සහ ගුවන් හමුදා ක්රීඩා සංචිතවල සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පහත සඳහන් පරිදි රන් පදක්කම් ලාභීන් ඊළඟ ඉහළ නිලයට උසස් කිරීම් කරන ලදී.

 

සැරයන් නිළයට උසස් කිරීම්

කොප්රල් මංජුල කුමාර

කොප්රල් ජීවන් ජයසිංහ

කොප්රල් නිමාලි ලියනාරච්චි

 

කොප්රල් නිළයට උසස් කිරීම්

නයක ගුවන් භට ඉෂාර සන්දරුවන්



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි