ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් සිංගප්පූරුව ගුවන් හමුදා ප්‍රධානියා හමුවෙයි
5:19pm on Friday 26th February 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සිංගප්පූරු ගුවන් සංදර්ශනයේදී සිංගප්පූරුවේ ගුවන් හමුදා ප්‍රධානී මේජර් ජනරාල් හූ චීර් මෝවු මහතා හමුවිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන්ගේ සිංගප්පූරු ගුවන් සංදර්ශන සංචාරයේ කොටසක් ලෙස චන්ගි ප්රදර්ශන මධ්යස්ථානයේ දී මෙම හමුවීම සිදුවිය. මෙම සංචාරය සිංගප්පූරුව ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර කලාපීය ආරක්ෂක සබඳතා  තවත් වැඩි කිරීමට සමත්විය.
 
මෙහිදී දෙපාර්ශවයටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිංගප්පූරුවේ ගුවන් හමුදා ප්‍රධානී මේජර් ජනරාල් හූ චීර් මෝවු මහතා හා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතර මෙම හමුවීම සිහිවීම පිණිස සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි