ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේ නව ශල්‍යාගාරයේදී පළමු ශල්‍යකර්මය සිදු කෙරේ
5:29pm on Friday 26th February 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර රෝහලේ නව ශල්‍යාගාරයේදී පළමු සැත්කම් අද (2016 පෙබරවාරි 23) දින පවත්වන ලදී.

මෙම පළමු සැත්කම උපදේශක ශල්‍ය මහානාම ගුණසේකර මහතා(එම් එස්) ,වෛද්ය විංග් කමාන්ඩර් ජී එස් එස් පෙරේරා මහතා(එම් බී බී එස්) , උපදේශක නිර්වින්දන වෛද්ය රංජිත් දිසානායක මහතා සහ රෝහල් කළමණාකාර අධ්‍යක්ෂ ස්කොඩ්රන් ලීඩර් එම් ආර් සී පී පී ඩී රාජපක්ෂ (එම් බී බී එස්) යන වෛද්යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

තවදුරටත් කොළඹ ගුවන් හමුදා රෝහලේ ශල්‍ය වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර උපදේශක ශල්ය මහානාම ගුණසේකර මහතාගේ (එම් එස්) උපදෙස් පරිදි සිදුවනු ඇත. ඉදිරියෙහිදී ඉහළ ඝනයේ ශල්‍ය වෛද්ය ප්රතිකාර රැසක් කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලට හැකි වනු ඇත.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි