ගගන විරු සවිය ශිෂ්‍යත්ව ප්‍රධාන වැඩසටහන - 2016
5:32pm on Friday 26th February 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් 8 වන වරටත් සංවිධානය කරන ලද ගගන විරු සවිය ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක්  අද (2016 පෙබරවාරි 24) වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේදී පවත්වන ලදී.

මෙහිදී ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සමත් ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ සහ සිවිල් සාමාජිකයන්ගේ දරු දැරියන් 200 කට පමණ මෙවර ශිෂ්‍යත්ව හිමි විය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් සහභාගී වූ අතර ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා හා සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් සහ ශිෂ්‍යත්ව ලාභීන්ගේ දෙමව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි