ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2016 පළවෙනි අදියරය
5:40pm on Friday 26th February 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා 65 වන සංවත්සරයට සමගාමීව 17 වන වතාවට සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරිය පෙබරවාරි මස 25 වන දින ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ කරන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් ලබාදුන් සංඥාවට අනුව තරඟකරුවන් ඇඹිලිපිටිය දක්වා කි. මී. 178 ක් වූ පළමු අදියර ආරම්භ කරන ලදී. මෙහිදී ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිට සිට මහරගම දක්වා සාම පාපැදි සවාරියක් ලෙස තරඟය පැවැත්වූ අතර මහරගම සිට ඇඹිලිපිටිය දක්වා පළමු අදියර ක්‍රියාත්මක විය. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම පාකිස්ථානය, බංගලාදේශය ආදී විදෙස් ක්‍රීඩා සමාජ ඇතුˆව ක්‍රිඩා සමාජ 15ක් පමණ නියෝජනය කරමින් තරඟකරුවන් 183 දෙනෙකු ගුවන් පාපැදි සවාරියේ පළමු අදියර සඳහා සහභාගී වූහ.

පළමු අදියරේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අශේන් තාරුක විසින් දිනා ගනු ලැබූ අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් නාවික හමුදාවේ ක්‍රිෂාන් මධුශංක සහ යුධ හමුදාවේ ලක‍ෂමන් විජේරත්න විසින් දිනා ගන්නා ලදී. පළමු අදියර අවසානයේ තරඟයේ වේග සාමාන්‍යය පැයට කි. මී. 60 ක් ලෙස සටහන් විය.

කලු අග්ගල ලෙෂර් වර්ල්ඩ් අසලින් සටහන් වූ පළමු අදියරේ පළමු ස්ප්‍රින්ට් කඩඉමේ ජයග්‍රහණය යුධ හමුදාවේ කිවිසුරු කරුණාරත්න විසින් හිමිකරගනු ලැබූ අතර දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් යුධ හමුදාවේ චතුරංග සොයිසා සහ ගුවන් හමුදාවේ සමන්ත ලක්මාල් විසින් දිනා ගන්නා ලදී.

රත්නපුර අබාන්ස් ආයතනය ඉදිරිපිටින් සටහන් වූ දෙවන ස්ප්‍රින්ට් කඩඉමේ ජයග්‍රහණය යුධ හමුදාවේ චතුරංග සොයිසා විසින් හිමිකරගනු ලැබූ අතර එහි දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් නාවික හමුදාවේ සුරේෂ් ප්‍රසංග සහ ගුවන් හමුදාවේ අශේන් තාරුක විසින් දිනා ගන්නා ලදී.

හෙට දිනයේ තරගය ගුවන් හමුදා වීරවිල කදවුර අසලින් ආරම්භ වී කි. මී. 131 දුර ගෙවා ගුවන් හමුදා කොග්ගල කදවුර අසලින් නිම කිරීමට නියමිත ය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි