ගුවන් හමුදා පාපැදි සවාරිය - 2016
6:06pm on Thursday 3rd March 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා 65 වන සංවත්සරයට සමගාමීව අඛණ්ඩව 17 වන වරටත් පවත්වනු ලැබූ ගුවන් හමුදා පාපැදි සවාරිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව 2016 පෙබරවාරි මස 25 , 26 සහ 27 යන දිනයන්හිදී ඉතා සාර්ථකව පැවැත්විණ.
 
මෙම පාපැදි සවාරිය සඳහා පුර්ණ අනුග්‍රහය අබාන්ස් ආයතනය විසින් ලබාදුන් අතර මෙම තරගය ජාතික පාපැදි සම්මේලනයේ නීතිරීති වලට යටත්ව සිදු කරනු ලැබීය.

පලමු දිනය පෙබරවාරි මස 25 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගුවන් හමුදා මූලස්ථානය ඉදිරිපිටින් ආරම්භ වූ අතර එය කි. මී. 178 ක් ගෙවා ඇඹිලිපිටිය නගරයෙන් අවසන් කරන ලදී. ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය මෙන්ම පාකිස්ථානය, බංගලාදේශය ආදී විදෙස් ක්‍රීඩා සමාජ ඇතුව ක්‍රිඩා සමාජ 15ක් පමණ නියෝජනය කරමින් තරඟකරුවන් 183 දෙනෙකු ගුවන් පාපැදි සවාරියේ පළමු අදියර සඳහා සහභාගී වූ අතර පළමු අදියරේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අශේන් තාරුක විසින් දිනාගන්නා ලදී. දෙවන සහ තෙවන ස්ථාන පිළිවෙලින් නාවික හමුදාවේ ක්‍රිෂාන් මධුශංක සහ යුධ හමුදාවේ ලක‍ෂමන් විජේරත්න විසින් දිනා ගන්නා ලදී.
 
තරගයේ දෙවන අදියරය 2016 පෙබරවාරි මස 26 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර අසලින් වීරවිල කඳවුරේ අණදෙන නිලධාරී ගෘෘප් කැප්ටන් පී එස් එන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් අරම්භ කල අතර තරඟකරුවන් කි. මී. 131 ක් දුර ගෙවා ගුවන් හමුදා කොග්ගල කදවුර අසලින් තරගය අවසන් කරන ලදී. මෙම තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිදුෂ් නිරන්ත හිමිකරගත් අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සජිත් හසන්ත දෙවන ස්ථානයට ද ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රිෂාන්ත මධුෂංක තෙවන ස්ථානයට ද පත්විය.
 
තරගයේ අවසන් අදියරය 2016 පෙබරවාරි මස 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කඳවුර අසලින් කොග්ගල කඳවුරේ අණදෙන නිලධාරී ගෘෘප් කැප්ටන් චමින්ද වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරම්භ කල අතර තරඟකරුවන් කි. මී. 133 ක් දුර ගෙවා කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය අසලින් තරගය අවසන් කරන ලදී. මෙම තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජීවන් ජයසිංහ හිමි කර ගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිදුෂ් නිරන්ත සහ නවීන් රුචිර පිළිවෙලින් දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගන්නා ලදී.

මෙම තරගයට සමගාමීව කාන්තා පාපැදි තරගය ද 2016 පෙබරවාරි මස 27 වන දින ඒකල ගුවන් හමුදා කදවුර අසල සිට කොළඹ ගුවන් හමුදා මුලස්ථානය දක්වා කි.මී. 65.5 ක දුරක් තරගකාරියන් 50 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විණ. ඉතා තියුණු තරගයක් වු මෙම තරගයේ ප්‍රථම ස්ථානය යූ ඩී ශ්‍රීයාලතා විසිනුත් දෙවන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සුදාරිකා ප්‍රියදර්ශනී විසින් ද තෙවන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ම දිනේශා දිල්රුක්ෂි විසින් ද දිනා ගන්නා ලදී.

2016 ගුවන් හමුදා පාපැදි සවාරියේ සමස්ථ ශූරතාවය ගුවන් හමුදා ක්‍රීඩක අශේන් තාරුක විසින් දිනාගත් අතර දෙවන ස්ථානය යුධ හමුදාවේ ලක‍ෂමන් විජේරත්න විසින්ද තෙවන ස්ථානය දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ක්‍රීඩා සමාජයේ නිශාන්ත පෙරේරා විසින්ද දිනාගන්නා ලදී. මෙම  තරගයේ සමස්ථ කණ්ඩායම් ශූරතාවය ද ශ්‍රී ලංකා යුධ හමුදා ඒ කණ්ඩායම විසින් දිනාගත් අතර අනුශූරතාවය ගුවන් හමුදා ඒ කණ්ඩායම හිමිවිය.

2016 ගුවන් හමුදා පාපැදි සවාරියේ දක්ෂතම ස්ප්‍රින්ට් ශූරයා ලෙස ගුවන් හමුදා ක්‍රීඩක ජීවන් ජයසිංහ දිනාගත් අතර දක්ෂතම ස්ප්‍රින්ට් ශූරිය ලෙස රංජිත් අරුණ පාපැදි ක්‍රීඩා සමාජයේ යූ ඩී ශ්‍රීයාලතා දිනාගන්නා ලදී.

මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවය ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු අතර එම අවස්ථාව සදහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිතුමන් , ශ්‍රී ලංකා පාපැදි සංගමයේ සභාපතිතුමන් , අබාන්ස් ආයතනයේ සභාපතිතුමන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි කමිටුවේ සභාපති එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතා , පාපැදි අතුරු පාලක මණ්ඩලයේ ලේකම් ගෘෘප් කැප්ටන් කිත්සිරි ලීලාරත්න මහතා ඇතුඵව ත්‍රිවිධ හමුදා සහ සිවිල් ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී විය. ගුවන් හමුදා පාපැදි සවාරිය 2016 ඉතා සාර්ථකව නිමාකර ගැනීම සඳහා මේ සියලූදෙනාගේම සංවිධාන ශක්තිය ඉවහල් විය.

පිරිමි තරගය




කාන්තා තරගය


ත්‍යාග ප්‍රදානෝත්සවය
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි