වන්නි රෙජිමේන්තු පුහුණු පාසල සිය හතරවන සංවත්සරය සමරයි
6:13pm on Thursday 3rd March 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ හතරවන සංවත්සරය   පසුගිය පෙබරවාරි මස 25 වන දින නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. එදින වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඩී එම් ආර් දසනායක මහතා විසින් සියලු නිලධාරීන් හා සෙසු නිලයන් අමතන ලදී. 

මෙම පුහුණු පාසලේ පිරිස විසින් සංවත්සරය සමරමින් අවරන්තලාව විහාරයේ සහ මඩු දේවස්ථානයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් දියත් කරන ලදී. පසුව සියළුම සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ධර්ම දේශනයක් හා සුහද ක‍්‍රිකට් තරඟාවලියක්ද පවත්වන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි