ශ්‍රී ලංකා ගුවන් හමුදා 65 වන සංවත්සරය වෙනුවෙන් උත්සවයක්
9:17pm on Friday 4th March 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 65 වන සංවත්සරය නිමිත්තෙන් උත්සවයක් 2016 මාර්තු මස 02 වන දින රත්මලාන ඊගල්ස් ලේක් සයිඩ් උත්සව හා සම්මේලන ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ.

රාජ්‍ය සේවකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, යුද හමුදාවේ නාවික හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්, හිටපු ගුවන්හමුදාධිපතිවරුන්, විශ්‍රාමික මෙන්ම සේවයේ නියුතු ගුවන් හමුදා නිළධාරීන්, බලලත් නිළධාරීන් සහ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුලු විශාල පිරිසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී විය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් සම්භාවනීය අමුත්තන් ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

ගුවන් හමුදා 65 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා සහ ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය මගින් මෙම උත්සවයේ සත්කාරකත්වය දරනු ලැබීය.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි