පලාලි ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
12:14pm on Saturday 5th March 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා 2016 මාර්තු මස 04 වන දින පලාලි ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය පවත්වන ලදී.

පලාලි ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජී එස් එන් ප්‍රියදර්ශන විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූ අතර උත්තමාචාර පෙළපලියක් ද පවත්වන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සෑම ස්ථානයක්ම තම පරීක්ෂණයට භාජනය කර  අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් කඳවුරේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අමතන ලද අතර එහිදී  ග්‍රාමීය පාසල් සංවර්ධනය සදහා ගුවන් හමුදා ඒකකයක් ලෙස පලාලි ගුවන් හමුදා කඳවුර දක්වන ලද දායකත්වය වෙනුවෙන් සියළුම දෙනාට ප්‍රශංසා කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි