රොදර්හැම් සර්කිට් මීට් මාධ්‍ය හමුව - 2016
8:33pm on Saturday 12th March 2016
රොදමිහැම් සර්කිටි මීටී 2016 මාධ්‍ය දැනුවත් කිරීමේ හමුව 2016 මාර්තු මස 10 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. එය ප්‍රචාරණ ව්‍යාපාරයක් ලෙස දියත් කල අතර 2016 මාර්තු මස 20 වන දින තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ හා යතුරු පැදි ධාවකයින්ගේ සංගමය හා එක්ව 10 වන වරටත් කටුකුරුන්ද ධාවන පථයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම තරගාවලියේ අනුග්‍රාහකයින්ගෙන් ලැබෙන සියලුම මුදල් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය හරහා විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සහ ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ සුභසාධක කටයුතු සදහා යෙදවීමට නියමිතය.

මෙවරද අති සාර්ථක ලෙස  10 වන වරටත් සංවිධානය කරනු ලබන රොදර්හැම් සර්කිට් මීට් 2016 තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහකයින් ලෙස ටෙලිසි සර්විස් ආයතනය හා ලංකා බැංකුව කටයුතු කරනු ලබයි. මුලික අනුග්‍රාහකත්වය සියැට් ආයතනය විසින් දරණ අතර රාජා ජුවලර්ස් , ස්ටැෆඩ් මෝටර්ස් , මහජන බැංකුව සහ බ්‍රෑන්ටෙල් ලංකා සමාගම යන ආයතන සම අනුග්‍රාහකත්වය දරණු ලබයි. මෙම තරගාවලියේ ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය සහකරුවා ලෙස ජාතික රුපවාහිනිය කටයුතු කරනු ලබන අතර නිළ ගුවන් විදුලි මාධ්‍ය අනුග්‍රහකත්වය ඒ.බී.සී මාධ්‍ය ජාලය විසිින් ද මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකත්වය සිමාසහිත ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ද දරනු ඇත. මෙම තරගාවලියේ සජීවී දර්ශන ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතව ඇත.

මාධ්‍ය හමුව අතරතුර ප්‍රධාන අනුග්‍රහකත්වය දරන ආයතනයන් සහ සම අනුග්‍රහකත්ව දරණ ආයතන මගින් අනුග්‍රහක චෙක්පත් මෝටර් රථ සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් චන්දන වැලිකල මහතා වෙත භාර දෙන ලදි. ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින්ගේ කණ්ඩායමේ සභාපති ඒ එච් විජේසිරි, ශ්‍රී ලංකා ගුවන් හමුදා විධායක ක්‍රීඩා නිළධාරී එයාර් කොමඩෝර් ලෙනාඩ් රොද්‍රිගු, ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ සංගමයේ ලේකම් ගෘෘප් කැප්ටන් තුෂාර සිරිමාන්න, විධායක මාධ්‍ය නිළධාරී ගෘෘප් කැප්ටන් චන්දිම අල්විස් සහ ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ හා යතුරු පැදි ධාවකයින්ගේ සංගමයේ සභාපති මහේෂ් ගමිමන්පිල මහතා එම සංගමයේ ලේකම් රිෂ්වි පාරුක් මහතා ඇතුලු අනුග්‍රාහක නියෝජිතයන් සහ  නිළධාරීන් පිරිසක් ද මෙම මාධ්‍ය හමුව සදහා සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි