ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ලෝක කාන්තා දිනය සමරයි
8:35pm on Saturday 12th March 2016
ලෝක කාන්තා දිනය සැමරීම සදහා 'ගුවන් ලිය රාත්‍රිය' මහා සැමරුම කටුනායක ඊගල්ස් ලැගූන් විවී භෝජන උත්සව ශාලාෙවේදී 2016 මාර්තු මස 09 වන දින පවත්වන ලදී.

එදින 1800 පැයට ආරම්භ වූ මෙම වැඩසටහනට විනෝදාත්මක වැඩසටහන් රැසක් සමග විලාසිතා දැක්මක් ඇතුලු ආකර්ෂණීය අංගයන් කිහිපයක් ද සමගින් අලංකාරවත් නර්තනාංග කිහිපයක් ද එක්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මිය සහ සේවා වනිතා ඒකකයේ සාමජිකයින්, නිළධාරිණියන්, නිළධාරීන්ගේ භාර්යාවන් ඇතුලු ගුවන් කාන්තාවන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි