ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය 3 වන සංවත්සරය සමරයි.
9:12pm on Monday 14th March 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය ආගමික හා සමාජීය කටයුතු වලට ප්‍රමුඛස්ථානයක් ලබාදෙමින් 2016 මාර්තු මස 11 වැනි දින ඔවුන්ගේ 3 වන සංවත්සරය සමරන ලදී.
 
ඒ අනුව 2016 මාර්තු මස 10 වන දින අත්තිඩිය ධර්මාශෝක මහා විහාරයේදී පක්ෂාංගයේ සියලුම සේවා පුද්ගලයින්ට ආශිර්වාද පතා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේද සහභාගීත්වයෙන් බෝධි පූජා පින්කමක් සංවිධානය කරන ලදී.
 
2016 මාර්තු මස 11 වැනි දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඒ හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ වැඩ පෙළපාලියක් ද පවත්වන ලදී.

    
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි