ගුවන් හමුදා වවුනියාව කදවුරු අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණය සිය 10 වැනි සංවත්සරය සමරයි
9:13pm on Monday 14th March 2016
ගුවන් හමුදා වවුනියාව කදවුරු අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සමාජ, ආගමික හා ක්‍රීඩා කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් 2016 මාර්තු මස 10 වැනි දින ඔවුන්ගේ 10 වැනි සංවත්සරය සමරනු ලැබීය.

2006 මාර්තු මස 10 වැනි දින ආරම්භ කරන ලද අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය ජාතික ගුවන් ආරක්ෂක ජාලයට අපරිමිත දායකත්වයක් ලබාදෙනු ලබයි. මෙය ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද පළමු ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණ වලින් එකක් වන අතර එය ජාතික ගුවන් ආරක්ෂක පද්ධතිය සකස් කිරීමේ දී ප්‍රධාන භූමිකාවක් ඉටු කලේය. එය සතුරු ගුවන් යානා ව්‍යාපාර හඳුනාගැනීමට සහ සතුරු ගුවන් බලයට එරෙහි යුද්ධයේදී කාලෝචිත අනතුරු ඇඟවීම් වලට බොහෝ විට ප්‍රධාන සාධකයක් බවට පත්විය.

ඒ අනුව වවුනියාව ගුවන් හමුදා කඳවුරේදී අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේ.සී. සේරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩ පෙළපාලියක් සහ බහු ආගමික උත්සවයක් පවත්වන ලදී.

10 වන සංවත්සරය සැමරීමේ කොටසක් වශයෙන් 2016 මාර්තු මස 09 වැනි දින අරුගම්පුලේලිය ප්‍රාථමික විද්‍යාලයේදී ශ්‍රමදාන ව්‍යාපරයක් සහ දන්ත වෛද්‍ය සායනයක් පවත්වන ලද අතර තවද මෙම විද්‍යාලයේ අඩු පහසුකම් සහිතව ක්‍රියාත්මක වන  පුස්තකාල ගොඩනැගිල්ල සියලු පහසුකම් සහිතව ඉදිකර ප්‍රදානය කරනු ලැබීය.

තවද සමාජ හා ආගමික කටයුතු මෙන්ම ඒකකයේ සේවා පුද්ගලයින් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් ද වවුනියාව ගුවන් හමුදා කදවුරු ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ වැඩ බලන කඳවුරු අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එස් ඩබ් සී ඒ බෝදිසේල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි