ගුවන් හමුදා කටුනායක කදවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය සිය 10 වැනි සංවත්සරය සමරයි.
9:16pm on Monday 14th March 2016
ගුවන් හමුදා කටුනායක කදවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2016 මාර්තු මස 10 වැනි දින ඔවුන්ගේ 10 වැනි සංවත්සරය සමරනු ලැබීය. මෙම ගුවන් හමුදා ඒකකයේ 2006 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය ලෙස ස්ථාපිත කරන ලදී. මෙහි ස්ථාපිත කොට ඇති රේඩාර් පද්ධතිය ගුවන් අභ්‍යවකාශ ආරක්ෂාව සම්බන්ධව ජාතික ගුවන් ආරක්ෂක පද්ධතියේ සැලකිය යුතු භූමිකාවක් ඉටු කර ඇත.

අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ජී ජී එස් ආර් ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ සංවත්සර දින සැමරීම සඳහා වූ අංගයන් සංවිධානය කරන ලද අතර ඒකකයේ සේවා පුද්ගලයින්ගේ ප්‍රධානත්වයෙන් වැඩ පෙළපාලියක් සහ පසුව ඔවුන්ගේ සහභාගීත්වයෙන් සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියක් ද කටුනායක ගුවන් හමුදා කදවුරු ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

මීට අමතරව ජයබිම, කදිරානේ ශ්‍රී ශෝභාරාම විහාරස්ථානයේදී ශ්‍රමදාන ව්‍යාපරයක් පවත්වන ලද අතර තවද ඒකකයේ සේවා පුද්ගලයින් විසින් කටුනායක ඇවරියවත්ත ලක්ෂ්මී ළමා නිවාසයේ දරුවන් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා දරුවන් වෙනුවෙන් විනෝදාත්මක සංගීත වැඩසටහනක් ද පැවැත්විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි