ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ජපානයේ ස්ව‍යං ගුවන් ආරක්ෂක බලකායේ මාණ්ඩලික ප්‍රධානියා හමුවෙයි
11:25am on Wednesday 16th March 2016
ඕස්ට්‍රේලියාවේ කැන්බරා හී පැවැත්වෙන රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ "ගුවන් බල සතිය - 2016" වැඩසටහනට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා 2016 මාර්තු මස 14 වන දින ජපානයේ ස්ව‍යං ගුවන් ආරක්ෂක බලකායේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් යෝෂුකි සුජියාමා මහතා හමුවිය. මෙම සංචාරය ජපානයේ ස්වයං ගුවන් ආරක්ෂක හමුදාව හා ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර සබඳතා වැඩි දියුණු කිරීමට සමත් විය.

මෙහිදී දෙපාර්ශවයටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව  ජපානයේ ස්ව‍යං ගුවන් ආරක්ෂක බලකායේ මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් යෝෂුකි සුජියාමා මහතා හා  ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතර මෙම හමුවීම සිහිවීම පිණිස සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි