අංක 06 හෙලිකොප්ටර් බලඝණය සිය 23 වන සංවත්සරය සමරයි
1:36pm on Wednesday 23rd March 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට එම් අයි 17 හෙලිකොප්ටර් යානා හඳුන්වා දෙමින් 1993 වසරේ මාර්තු මස 15 වන දින අරම්භ කරන ලද අංක 06 හෙලිකොප්ටර් බලඝණය පසුගිය මාර්තු මස 15 වන දින සිය 23 වන සංවත්සරය මහත් අභිමානයෙන් යුක්තව සමරන ලදි.

සිය සංවත්සරයට සමගාමීව අංක 06  බලඝණය විසින් පලාඩිකුලම, ඈඳාගල මහා විහාරයේත්, රනජයපුර ”ක‍්‍රිස්ට් ද කිංග්” කතෝලික පල්ලියේත්, ගනේවල්පොල ජුම්මා ඉස්ලාම් දේවස්ථානයේ සහ මරඳන්කඩවල අම්මාන් හින්දු කෝවිලේත්  මාර්තු මස 8, 4 සහ 10 යන දිනයන්හිදී ශ‍්‍රමදාන ව්‍යාපාරයක් දියත් කරන ලදී.

එසේම 2016 මාර්තු මස 09 වන දින අනුරාධපුර ”සරණ සෙවණ” බාලිකා ළමා නිවාසයේ දැරියන් උදෙසා ත්‍යාග ලබාදීමක්ද ”මහරජ ගැමුණු” චිත‍්‍රපටයද  ප‍්‍රදර්ශනය කරන ලද අතර රාත‍්‍රී ආහාර වේලක්ද ලබා දිමක් සිදු කරන ලදී.

සංවත්සර දින වැඩසටහන ආරම්භ කරමින් වැඩ පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම බලඝණ අනදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්ඩීජීඑම් සිල්වා විසින් සිදු කරන ලද අතර අතර සියළුම නිළයන් අමතා බලඝණයේ අභිවෘද්ධිය උදෙසා තම කැපවීමෙන් ක‍්‍රියා කරන ලද සියළුම නිළයන් හට ස්තුති කිරීමද සිදු කරන ලදී.

පෙළපාලිය අවසානයේදී සර්ව ආගමික වතාවත් සිදු කරන ලද අතර දේශයේ ස්වෛරීත්වය උදෙසා තම දිවි කැපකල බළඝණයේ සියළුම විරුවන් සිහි කිරීමද සිදු කරන ලදී.

එසේම සංවත්සර දින වැඩසටහන් මාලාව ක‍්‍රිඩා තරග’ ඉසව් වලින් මෙන්ම සංගීත සංදර්ශනයකින් ද බලඝනයේ සාමාජික සමාජිකාවන් විසින් ඉදිරිපත් කරන ලද නාට්‍යයකින්ද සමන්විත විය. සංවත්සර දින වැඩ සටහන අවසන් කරමින් සියළුම නිළයන්ගේ දිවා භෝජන සංග‍්‍රහයක්ද පවත්වන ලදි.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි