රොදර්හැම් සර්කිට් මීට් 2016
5:36pm on Wednesday 23rd March 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව, ශ‍්‍රි ලංකා මොටර් රථ ධාවකයින්ගේ සංගමය සමග එක්ව සංවිධානය කරන ලද රොදර්හැම් සර්කිට් මීට් 2016 පසුගිය මාර්තු මස 20 වන දින කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව නිමාවට පත්විය. මෝටර් රථ සහ මෝටර් බයිසිකල් ධාවන තරඟ කටුකුරුන්ද ගුවන් හමුදා ගුවන් ධාවන පථය ආශී‍්‍රතව ඉදි කරනු ලැබූ ධාවන පථයෙහි පවත්වන ලදි. රොදර්හැම් සර්කිට් මීට් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟය ශ‍්‍රි ලංකාවේ අංක එකේ මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟයක් වේ. ත‍්‍රාසය හා ජවය රැුගත් මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟ නැරඹීම සඳහා අති විශාල ජනකායක් කටුකුරුන්දච ධවන පථයට එක්රැුස් වී සිටියහ.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ , ගුවන් හමුදා පරිපාලන අද්‍යක්‍ෂක සහ ගුවන් හමුදා මෝටර් රථ හා යතුරු පැදි ධාවන සංචිතයේ සභාපති එයාර් වියිස් මාර්ෂල් සීපී වැලිකල, ගුවන් හමුදා අධ්‍යක්‍ක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, නිළධාරීන් සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සියළුම ආධාර හා අරමුදල් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා සුභසාධන ව්‍යාපෘති අරමුදල සඳහා බැර කරනු ලබයි. ටෙලිසි සර්විසස් සහ ලංකා බැංකුව ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය සපයන ලද අතර සියැට් සමාගම මූලික අනුග‍්‍රාහකත්වය සපයන ලදී. ස්ටැෆර්ඩ් මෝටර්ස්, රාජා ජවෙලර්ස්, මහජන බැංකුව සහ බ‍්‍රෑන්ටෙල් ලංකා සමාගම සම අනුග‍්‍රාහකත්වය සපයන ලදී.

නිළරූපවාහනිය ලෙස ජාතික රූපවාහිනී සේවය සහ නිළ ගුවන් විදුලිය ලෙස ඒබීසී මාධ්‍ය ජාලය කටයුතු කරන ලදී. නිල පුවත්පත ලෙස ලේක්හවුස් ආයතනය කටයුතු කරන ලදී.

2016 රොදර්හැම් සර්කිට් මීට් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවළියේ සමස්ථ යතුරු පැදි ධාවකයා ලෙස ප‍්‍රමුඛ සේසත් සම්මාන හිමුකරගනු ලැබූ අතර දක්‍ෂතම මෝටර් රථ ධාවකයා ලෙස උෂාන් පීරිස් සම්මාන හිමිකර ගන්නා ලදී.

ගුවන් හමුදා මාධ්‍ය ඒකකය විසින් ලබාගත් තරඟයේ දර්ශන  රැුගත් ඡුායාරූප පෙළක් පහත දැක්වේ. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තරඟය අතරතුර සියළු තොරතුරු තරඟ ප‍්‍රථිඵළලද සහිතව එසැණීන් ගුවන් හමුදා නිළ වෙබ් අඩවියෙහි යාවත්කාලීන කරන ලදි.

සියළු තරඟ ප‍්‍රථිපල
 "http://www.airforce.lk/rotherham_2016.php

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි