චීන ගුවන් හමුදා නියෝජිත පිරිසක් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
5:40pm on Wednesday 23rd March 2016
චීන ගුවන් හමුදාවේ දේශපාලන නිලධාරී ලුතිනන් ජෙනරාල් යූ ෂොන්ග්ෆයි මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් චීන ගුවන් හමුදා ධූත පිරිසක් පසුගිය මාර්තු මස 21 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සීආර් ගුරුසිංහ මහතා විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය වෙත මොවුන් පිළිගැනීම සිදු කරන ලදී. අනතුරුව ගුවන් හමුදා මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී  ගුවන් හමුදා ඉතිහාසය, ගුවන් හමුදාව සතු හැකියාවන්, ලඟකරගත් සාර්ථකත්වයන්, සහ අනාගත අභියෝගයන් සම්බන්ධව ගාාප් කැප්ටන් ලලිත් සුමනවීර විිසන් දේශනයක් මෙහෙයවන ලදී.

හමුව අවසන් කරමින් දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි