හැටන් දයගම ප්‍රදේශයේ හටගත් ගින්න මැඩ පැවැත්වීමට ගුවන් හමුදා ගිනිනිවීම් ඒකකයේ සහය
12:33pm on Tuesday 29th March 2016
හැටන් රක්ෂිතයේ බෝපත්තලාව හා අගරපතාන යන වගුරු බිම් ප්‍රදේශ ආශ්‍රිතව අද (2016 මාර්තු 21) දින ඇති වූ ගින්න මැඩපැවැත්වීමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 06 බලඝණයට අයත් එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් ‍යානවක් යොදාගන්නා ලදී.

මෙම ගින්න හැටන් සිට නුවර ප්‍රදේශ දක්වා ව්‍යාප්ත විශාල කඳුකර ඉඩම් ප්‍රදේශයක් පුරා සීග්‍රයෙන් පැතිර ගියහ. දයගම සුන්දරීගම ප්‍රදේශයේ ගින්නක් ඇතිවී ඇති බව ගුවන් හමුදා මූලස්ථානයට වාර්තා විය. ගුවන් හමුදාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව කදවුරු අණදෙන නිලධාරී විසින් නිලධාරීන් දෙදෙනෙක් හා ගුවන් භටයන් පස්දෙදෙනෙකු ඇතුළු ගිනි සටන්කරුවන් විශේෂඥ කණ්ඩායමක් ගින්න පාලනය කිරීමට පිටත් කල අතර දයගම පොලිසියේ නිලධාරීන් 15 දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ භටයින් 30 දෙදෙනෙකු ද මීට යොදවා තිබිණ. කෙසේ වෙතත් සන්නිවේදන අපහසුතා සහ රාත්‍රියේ එම ස්ථානයට ළඟා වීමේ අපහසුතාවයත් නිසා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට එම අවස්ථාවේ මෙම තත්ත්වය මර්ධනය කිරීමට නොහැකි විය.

මෙම තත්ත්වය මර්ධනය කිරීම සදහා ගුවන් හමුදා අංක 06 එම් අයි 17 හෙලිකොප්ටර් බලඝණයේ ‍යානයක් එහි ප්‍රධාන නියමුවා ලෙස බලඝණයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස් ඩී ජී එම් සිල්වාගේ මෙහෙයවීමෙන් හා සහය නියමු ලෙස ස්කොඩ්‍රන් ලීඩර් එන් ඩී අයි ඩී ජයසේකර, ගුවන් ගමන් ඉංජිනේරු ස්කොඩ්‍රන් ලීඩර් එච් බී ප්‍රනාන්දු සහ කාර්මික ශිල්පීන් 03දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 0610පැයට ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරෙන් ගමන් ආරම්භ කලේය. ඔවුන් නුවරඑළිය තුරඟ තරග පිටියට යානය බස්සවා ජලය ගෙන යාමට අවශ්‍ය උපකරණ සවිකරගෙන කන්දෙ ඇල ජලාශයෙන් ජලය ගෙනවිත් ගින්න පවතින ප්‍රධාන ස්ථානය ​​ස්ථානගත කරගනිමින් දයගම සංදිරිගම ප්‍රදේශයට   නිවැරදි කිරීමට හෙලනු ලැබීය.

මෙම එම් අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානය බම්බි බාල්දිය මගින් ජලය ලීටර් 55,000 ක් ප්‍රහාර 22 රැගෙනවිත් හෙලමින් සවස 7.45  ට පමණ ගින්න සම්පූර්ණයෙන් නිවාදමන ලදී.



වීඩියෝ දර්ශන නරබන්න
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි