මඩකලපුව ගුවන් ධාවන පථය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය 40 වැනි දිනය පසුකරයි
12:39pm on Tuesday 29th March 2016
2016 පෙබරවාරි 16 වන දින ආරම්භ කළ මඩකලපුව ගුවන් ධාවන පථය ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ කටයුතු දින 40 ක සැලසුම් කාලසීමාවක් සාර්ථකව පසුකර ඇත.  
 
ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලික කදවුරු ගුවන් ක්ෂේත්‍ර ඉදිකිරීම් පක්ෂාංගය විසින් සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියෙහි මේ වන විට පෙරවැස්මෙහි පළමු කොන්ක්‍රීට් ස්ථරය (90x60)  හා කොන්ක්‍රීට් කාණුව (1560ම්) අවසන් කරමින් පවතින අතර එය අවසන් වූ පසු ගුවන් පථයේ පිළිබඳ වැඩි අවදානයක් යොමුකරමින් මීටර් 1000 දක්වා ඇස්ෆල්ට් තාර දැමීම සිදුකිරීමට නියමිතය.

මඩකලපුව ගුවන් ධාවන පථය දිග මීටර් 1560ක් දක්වා දීර්ඝ කරන කිරීමට සැලසුම් කර ඇති අතර මෙම ගුවන් ධාවන පථය තුළින් මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා සඳහා පහසුකම් සැලසේ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි