අංක 65 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරණ පාඨමාලාවේ සහතිකපත් ප්‍රධානෝත්සවය
1:30pm on Wednesday 30th March 2016
අංක 65 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාඨමාලාවේ සහතික පත් ප්‍රදානය පසුගිය 2016 මාර්තු මස 24 වන දින චීනවරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යා පීඨයේ ඇස්ට්රා උත්සවශාලාවේදී පවත්වන ලදී. ගුවන් හමුදා සාමාන්‍ය ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ඒ එච් විජේසිරි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී වූ අතර චීන වරාය විද්යාපීඨ පීඨාධිපති එයාර් කොමඩෝර් ආර් එම් බී වෙරැල්ලගම සහ එක් එක් පක්ෂාංගයන්හි අණදෙන නිළධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම පාඨමාලාව පවත්වාගෙන යාමේ මූලික අරමුණ වන්නේ හමුදා නිලධාරින් තුළ නායකත්ව ගුණාංග වැඩිදියුණු කිරීම , ශබ්ද අධ්‍යයනය සහ කළමනාකරණ දැනුම පරිවර්තනය කිරීමයි. සති 11 ක කාලයක් පුරා දිවෙන මෙම පාඨමාලාව රජරට විශ්ව විද්යා‍ලයට අනුබද්ධ වන අතර සුදුසුකම් ලබන සියලුම අධිකාරී නොලත් නිලධාරීන් හට කළමනාකරණ සහතිකයක් මෙහිදී ප්‍රධානය කරනු ඇත.

මෙහිදී මෙම අංක 65 අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරණ පාඨමාලව සාර්ථකව අවසන් කල ශ්‍රී ලංකා ගුවන් හමුදා ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් 44 දෙනෙක් , කණිෂ්ඨ අධිකාරී නොලත් නිලධාරීන් 40 දෙනෙක් සහ යුධ හමුදාවේ ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන් දෙදෙනෙකු , නාවික හමුදාවේ එක් ප්‍රධාන සුළු නිළධාරියෙකු සහ එක් සුළු නිළධාරියෙකු ද ආදී වශයෙන් අධිකාරී නොලත් නිලධාරීන් 88 දෙනෙකු සඳහා සහතික පත් ප්‍රදානය කරන ලදී.

17383  බල/සැරයන් ගුණසිංහ යු ඩී එන් පී (ගුවන් යානා ඉංජිනේරු ශිල්පී විශේෂ) විසින් සෑම අතින්ම දක්ෂතම ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීයාට හිමි සම්මානයත් 31671 කෝප්‍රල් හේරත් එච් එම් ඒ කේ (දන්ත වෛද්‍ය සහයක) විසින් සෑම අතින්ම දක්ෂතම කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරියාට හිමි සම්මානයත් දිනා ගන්නා ලදී.වෙනත් විශේෂ සම්මාන ලාභීන් පහත පරිදි වේ.

ත්‍යාග ලාභීන්

දක්ෂතම කළමණාකරණ ශිෂ්‍යා
31671 කෝප්‍රල් හේරත් එච් එම් ඒ කේ

සෑම අතින්ම දක්ෂතම ජ්‍යේෂ්ඨ අධිකරී නොලත් නිළධාරීන්
ප්‍රථම ස්ථානය  - 17383  බල/සැරයන් ගුණසිංහ යු ඩී එන් පී 
දෙවන ස්ථානය  - 28671 සැරයන් කරුණාරත්න කේ එල් කේ
තුන්වන ස්ථානය -  19024 බල/සැරයන් බණ්ඩාර ඒ ජී කේ 

සෑම අතින්ම දක්ෂතම කණිෂ්ඨ අධිකරී නොලත් නිළධාරීන්
ප්‍රථම ස්ථානය -   31671 කෝප්‍රල් හේරත් එච් එම් ඒ කේ
දෙවන ස්ථානය -  30468 කෝප්‍රල් රත්නායක ආර් එම් ඩී කේ
තුන්වන ස්ථානය -  31073 කෝප්‍රල් ජයසිංහ බී පී

දක්ෂතම කථීකයා
ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී - 18468 සැරයන් විමලසිරි ආර් ඩී
කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී - 30468 කෝප්‍රල් රත්නායක ආර් එම් ඩී කේ

ශෘරීරික යෝග්‍යතාව අතින් දක්ෂතමයා
ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී - එස්/467670 සැරයන් උදයකුමාර අයි ජී පී සී (ශ්‍රී ලංකා යුධ හමුදාව)
කණිෂ්ඨ අධිකාරී නොලත් නිළධාරී - 18991 සැරයන් සරත්කුමාර ජී එම්

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි