"ඊගල්ස් සින්ග් අලොන්ග්" සංගීත සන්ධ්‍යාව සොහන් සහ එක්ස්පෙරිමන්ට්ස් සමගින්
4:29pm on Wednesday 30th March 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද "ඊගල්ස් සින්ග් අලොන්ග්" විනෝදාත්මක සංගීත සන්ධ්‍යාව 2016 මාර්තු මස 27 දින අත්තිඩිය ඊගල්ස් ලේක් සයිඩ් උත්සවශාලාවේදී සාර්ථකව පවත්වන ලදී. පැමිණ සිටි ප්‍රේක්ෂකයින් සහ අමුත්තන් වින්දනයට පත්කරමින් සොහන් සහ එක්ස්පෙරිමන්ට්ස් වාදක කණ්ඩායම රොනී ලීච් ගායන ශිල්පියා සමගින් එක්ව මෙම සංගීත සන්ධ්‍යාව මෙහෙයවීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් තෝරාගත් ගුවන් හමුදා සේවා පුද්ගලයින් සඳහා නිවාස ඉදිකෙරෙන 'ගුවන් ලක් සෙවණ' නිවාස ව්‍යාපෘතියට අරමුදල් රැස්කිරීමේ අරමුණින් මෙම සංගීත වැඩසටහන සංවිධානය කරන ලදී.

ගුවන් හමුදාධිපතිතුමන් , ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු ප්‍රේක්ෂකයින් 450 කට අධික ප්‍රමාණයක් මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි