වයිස් අද්මිරාල් ජෝශප් පී අයුකොයින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සංචාරයක
4:30pm on Wednesday 30th March 2016
එක්සත් ජනපද නාවික හමුදාවේ 7 වැනි බලඇණියේ ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන යූ එස් එස් බ්ලූ රිඩ්ජ් (එල් සී සී 19) නෞකාව සුහද චාරිකාවක් සඳහා 2016 මාර්තු මස 26 වන දින කොළඹ වරායට ළඟා විය.  

මෙම නෞකාවේ ජ්‍යේෂ්ඨ නිලධාරියා වන එක්සත් ජනපද නාවික හමුදාවේ 7 වැනි බලඇණියේ හමුදාධිපති වයිස් අද්මිරාල් ජෝශප් අයුකොයින් මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී අද 2016 මාර්තු මස 28 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා හමුවිය.

මෙම සංචාරක ප්‍රභූවරයා හා ගුවන් හමුදාධිපතිතුමන් අතර අන්යෝන්‍ය වශයෙන් වැදගත්කමකින් යුත් කරුණු පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වූ අතර මෙම අවස්ථාව සිහිවීම පිණිස දෙදෙනා අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි