ගුවන් හමුදා මඩකලපුව කදවුරේ අලුතින් ඉදිකරන ලද සංඥා ඒකකය විවෘත කෙරේ
4:34pm on Wednesday 30th March 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුරේ අලුතින් ඉදිකරන ලද සංඥා ඒකකය ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා අතින් අද (2016 මාර්තු 29) දින විවෘත කරනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුරේ අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් බුද්ධික පියසිරි ඇතුලු නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම විවෘත කිරීමේ උත්සවයෙන් පසුව ගුවන් හමුදාධිපතිතුමන් මඩකලපුව ගුවන් ධාවන පථය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය විමර්ෂණය කිරීම සදහා එහි සංචාරයක ද නිරත විය. මඩකලපුව ගුවන් ධාවන පථය මධ්‍යම ප්‍රමාණයේ ගුවන් යානා සඳහා පහසුකම් සැලසීම සදහා දිග මීටර් 1560 ක් දක්වා දීර්ඝ කරනු ලබයි.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි