'සංහිදියාවේ සත්විරුගම' නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීම උත්සවයක් මගින් සිදු කරයි
9:39am on Tuesday 5th April 2016
'සංහිදියාවේ  සත්විරුගම' නිවාස ව්‍යාපෘතිය යටතේ අංග සමිපුර්ණව ඉදි කර නිම කරන ලද නිවාස 51 ක් සියලුම ජාතීන්ට අයත් සේවා පුද්ගලයින් හට භාර දීම 2016 අප්‍රේල් මස 03 වන දින වව්නියාව, කොක්එළිය ප‍්‍රදේශයේදී රාජ්‍ය ආරක‍ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

මෙම නිවාස ව්‍යාපෘතියට අදාලව ඉදිකරන ලද ළමා උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මගින් සිදු කරන ලදී.

නිවාස ප‍්‍රදානය කිරීමේ උත්සවය සඳහා ආරක්‍ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ත‍්‍රිවිධ හමුදාධිපතිවරුන්, රජයේ ජ්‍යේෂ්ඨ නිළධාරීන්, ත‍්‍රිවිධ හමුදා නිලධාරීන්,සෙසු නිළයන් සහ සේවා පුද්ගලයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු රැසක් සහභාගී වූහ.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි