ගුවන් හමුදා අධීකාරී නොලත් නිළධාරීන් උදෙසා ගුවන් ආරක්‍ෂණ වැඩමුළුවක්
1:15pm on Tuesday 5th April 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අධීකාරී නොලත් නිලධාරීන් උදෙසා පවත්වන ලද පළමු ගුවන් ආරක්ෂණ වැඩමුළුව පසුගිය අපේ‍්‍රල් මස 01 වන දින චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨ, අධීකාරී නොලත් නිළධාරීන්ගේ කළමණාකරන පාසලේදී පවත්වන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදා විධායක ගුවන් ආරක්ෂණ අංශය මගින් සංවිධානය කරන ලද මෙම වැඩමුළුව, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් සඳහා දායකත්වය සපයන ගුවන් භටයින් හට ගුවන් ආරක්ෂණ කාර්යයන්ට හුරු කරවීම සහ ඒ පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කොට ගෙන පවත්වන ලදී.

දින පහක් පුරා පවත්වනු බලන මෙම වැඩමුළුව සඳහා අධීකාරී නොලත් නිළධාරීන් 51 දෙනෙකු සහභාගී වූහ. මෙම වැඩමුළුව, වැඩමුළූ දෙකකින් සමන්විත වූ ගුවන් ආරක්ෂණ වැඩමුළු මාලාවේ පළමුවැන්න වන අතර මීට අමතරව 2016 වසරේදී නිලධාරීන් සඳහා තවත් වැඩමුළු දෙකක් පැවැත්වීමට සැලසුම් කොට ඇත.

විධායක ගුවන් ආරක්ෂණ නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ විසින් මෙහි ආරම්භක උත්සවය මෙහෙයවන ලදී. ගුවන් හමුදා විද්‍යාපීඨයේ පිඨාධිපති එයාර් කොමඩෝර් පීඩීකේටී ජයසිංහ අවසන් දින ප‍්‍රධාන ආරාධීත අමුත්තා වශයෙන් සහභාගී වූ අතර වැඩමුළුවට සහභාගීවූවන් අමතන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි