අංක 08 පියාසර බලඝණය සිය 20 වෙනි සංවත්සරය සමරයි
1:18pm on Tuesday 5th April 2016
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 8 පියාසර බලඝණය පසුගිය අපේ‍්‍රල් මස 01 වන දින සිය 20 වෙනි සංවත්සරය සමරන ලදී.

සංවත්සර දින පෙළපාලිය බළඝණ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් කේඒපීඑස් කුරුවිට විසින් නිරීක්‍ෂණය කරන ලද අතර බලඝණයේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් සියල්ල අමතා බළඝණයේ මෙතෙක් ආ ගමන් මග වෙනුවෙන් ඔවුන් සියල්ල දක්වන ලද දායකත්වය වෙනුවෙන් ඔවුන් හට සුභ පතන ලදී. 

සංවත්සර දිනය සමරමින් බළඝණයේ සියළුම නිළයන් හා සිව්ල සේවක කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් එල්ලේ තරඟාවළියක් කඳවුරු ක‍්‍රිඩාංගනයේදී පවත්වන ලදී.

කඳවුරු අණදෙන නිලධාරීතුමන්, කඳවුරේ සියළුම බලඝණයන්හි අණදෙන නිළධාරීවරුන් සහ අංශභාර නිළධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි