දිවංගත ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන්ගේ 119 වෙනි ජන්ම දින සැමරුම
1:23pm on Tuesday 5th April 2016
ශ‍්‍රී ලංකාවේ හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වන දිවංගත ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන්ගේ 119 වන ජන්ම දින සැමරුම පසුගිය අපේ‍්‍රල් මස 4 වන දින කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල පරිශ‍්‍රයේදී පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගල් බුලත්සිංහල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.

ආරක්‍සක විශ්ව විද්‍යාලයේ කුලපති ජෙනරාල් ආර් ද එස් දළුවත්ත, උප කුලපති රියර් අද්මිරාල් ජගත් රණසිංහ, ගුවන් හමුදා ගුවන් යානා ඉංජිනේරු අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා, ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් රොහාන් පතිරගේ, ත‍්‍රීවිධ හමුදා උසස් නිළධාරීන් සහ දිවංගත ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන්ගේ ඥාතීන් පිරිසක් ජෙනරාල් ශ‍්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වන ලදී.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි