2010 අන්තර් මාධ්‍යය බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ගුවන් හමුදාවෙන්
4:32pm on Tuesday 13th July 2010
මෙම බොක්සිං තරගාවලිය ජුලි මස 08 වන දින සිට 11 වන දින දක්වා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී විශාල තරග කරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

බර පන්ති 10ක් යටතේ තරග වදිමින් ගුවන් හමුදා ක්‍රීඩකයින් රන් පදක්කම් 02ක් ද, රීදී පදක්කම් 02ක් ද, ලෝකඩ පදක්කම් 02ක් ද දිනා ගන්නා ලදී. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සහ තාක්ෂණය අතින් දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගනු ලැබුවේ කි.ග්‍රැ. 52 බර පන්තිය යටතේ තරග වැදුනු ගුවන් හමුදාවේ එච්.එස්. ධනුෂ්ක ය.  

පදක්කම් සටහන පහත සඳහන් වේ.

රන් පදක්කම්

කි.ග්‍රැ. 91ට වැඩි බර පන්තිය - 33935 නායක ගුවන් භට සඳරුවන් ඩබ්.එල්
කි.ග්‍රැ. 52 බර පන්තිය - 017208 නායක ගුවන් භට ධනුෂ්ක එච්.එස්.  

රිදී පදක්කම්

කි.ග්‍රැ 59 අඩු බර පන්තිය- 33510 නායක ගුවන් භට මදුශංක අයි.ජී.එස්.එල්.
කි.ග්‍රැ 64 අඩු බර පන්තිය- 018445 නායක ගුවන් භට  දිල්ශාන් එම්.වයි.එම්.

ලෝකඩ පදක්කම්

කි.ග්‍රැ.91ට අඩු බර පන්තිය- 014923 නායක ගුවන් භට සෙනවිරත්න එස්.ආර්.
කි.ග්‍රැ.75ට අඩු බර පන්තිය- 020826 නායක ගුවන් භට සංජීව කුමාර කේ.එන්.ඒ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි