රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගය සිය 25 වෙනි සංවත්සරය සමරයි
2:43pm on Tuesday 5th April 2016
රත්මලාන ගුවන් හමුදා කඳවුරු විද්‍යුත් හා විදුලි සංදේශ පක්‍ෂාංගය පසුගිය අපේ‍්‍රල් මස 02 වන දින සිය 25 වෙනි සංවත්සරය පක්‍ෂාංග අණදෙන නිළධාරී විංග් කමාර්ඩර් පීඑන් ප‍්‍රනාන්දු මහතාගේ අණුදැනුම මත පක්‍ෂාංගයේ සියළුම නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සමරන ලදී.

සංවත්සර දින පෙළපාලිය පක්‍ෂාංග අණදෙන නිළධාරීතුමන් විසින් නිරීක්‍ෂණය කරන ලදී. රත්මලාන පුරාණ මහා විහාරයේ විහාර භූමිය පිරිසිදු කිරීමේ ශ‍්‍රමදානයක් සංවත්සර සැමරුමට සමගාමීව පවත්වන ලද අතර දානමය පුණ්‍යකර්මයක්ද පවත්වන ලදී.

සංවත්සර දිනය සමරමින් බළඝණයේ සියළුම නිළයන් හා සිව්ල සේවක කාර්යමණ්ඩලයේ සහභාගීත්වයෙන් කි‍්‍රකට් තරඟාවළියක් කඳවුරු ක‍්‍රිඩාංගනයේදී පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි