ආරක්‍ෂක සේවා දැල්පන්දු ශූරතාවය ගුවන් හමුදාවට
1:46pm on Monday 11th April 2016
2016 වසරේ ආරක්‍ෂක සේවා දැල්පන්දු ශූරතාවය දිනා ගැනීමට ශ‍්‍රීලංකා ගු-වන් හමුදා දැල්පන්දු කණ්ඩායම පසුගියදා සමත්කම් දක්වන ලදී. නාවික හමුදා කණ්ඩායම පැවති අවසන් තරඟයෙන් 54-51 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම ජය වාර්තා කරන ලදී.

තරඟය පසුගිය අපේ‍්‍රල් මස 07 වන දින තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරන මධ්‍යස්ථානයේදී පැවැත්විණි.ගුවන් හමුදාවේ දුලංගා දුලාංජලී ”දැල්පන්දු රැුජිණ” ලෙස කිරුළු පැළඳුවාය. ගුවන් හමුදාවේ චතුරිකා ජයසූරිය, ලිහිනි වත්තේගෙදර සහ නාවික හමුදාවේ හසිතා මෙන්ඩිස් පිළිවෙලින් දක්‍ෂතම ආරක්‍ෂිකාව, දක්‍ෂතම පිටිය මැද ක‍්‍රීඩිකාව සහ දක්‍ෂතම විදින්නිය ලෙස සම්මාන හිමිකර ගනු ලැබිණි.

යුධ හමුදාවේ මූල්‍ය කළමණාකරණ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ආර්වී උඩවත්ත ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි