අංක 50 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව විසිර යයි
1:49pm on Monday 11th April 2016
අංක 50 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානෝතසවය 2016 අපේ‍්‍රල් මස 08 වන දින චීන වරාය විද්‍යාපීඨයේ ඇස්ට‍්‍රා සිනමා ශාලා පරිශ‍්‍රයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙම පාඨමාලාව සති 14 ක පමණ කාළයක් පවත්වන ලද අතර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ ස්කොඞ්රන් ලීඩර් සහ ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් නිළයේ නිලධාරීන් 16 දෙනෙකු, ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ ලෙෆ්ටිනන්ට් කමාන්ඩර් නිළයේ නිළදාරීන් 04 දෙනෙකු සහ බංගලාදේශ ගුවන් හමුදාවේ එක් නිළදාරියෙකු ඇතුළු නිළධාරීහු 21 දෙනෙකු වෙත මෙලෙස සහතික පත් ප‍්‍රදානය කරන ලදී.

මෙම කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාව සාර්ථකව නිම කරන ලද නිලධාරීන් සඳහා කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය මගින් ආරක්‍ෂක කළමණාකරණය පිළිබඳව පිළිගත් පශ්චාත් උපාධි ඩිලප්ලෝමා සහතිකයක් පිරිනමනු ලබයි.

මෙම පාඨමාලාව හදාරන නිළධාරීන් සති 14 ක කාළය මුළුල්ලේ ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ අණ හා මාණ්ඩලික රාජකාරීන් පිළිබඳව වශයයන් හැදෑරිය යුතු වේ. මෙම පාඨමාලාව සමස්ථ වශයෙන්ම දැනුම හුවමාරු කරගැනීමේ පාඨමාලාවාක් වශයෙන් පවත්වනු ලබන අතර අණ හා මාණ්ඩලික පාසලේ දේශක මඩුල්ල මෙන්ම ආරාධිත දේශකයන්ද එයට තම දායකත්වය දක්වනු ලබයි.

මෙම පාඨමාලාව මගින් නිළධාරීවරයෙකු සතු ඉංග‍්‍රීසි දැනුම සහ පරිගණක තාක්‍ෂණ දැනුම වර්ධනය කිරීමද සිදු කරනු ලබන අතරම ඔවුන් සතු කථන හැකියාව වර්ධනය කිරීමද සිදු කරනු ලබයි.

එසේම පාඨමාලාව හදාරන්නන් උදෙසා බාහිර ආයතන කිහිපයක් වෙත අධ්‍යාපත විමර්ශන චාරිකා කිහිපයක්ද සිදුකරමින් ඔවුනගේ කළමණාකරන දැනුම පුහුණුවන්නන් හට ලබාදීමට කටයුතු සිදු කරනු ලබයි.

ශාරීරික යෝග්‍යතාවය පිළිබඳවුද මෙම පාඨමාලාව තුළ විශේෂ සැලකිල්ලක් දක්වනු ලබන අතර එහිදී සාමාන්‍ය ශාරීරික අභ්‍යාස පන්ති මෙන්ම විවිධ ක‍්‍රිඩා ඉසව් පැවැත්වීමද සිදු කරනු ලබයි.

අංක 50 කණීෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ සහතික පත් ප‍්‍රධානෝත්සවයේ විශේෂ සම්මාන හිමිකරගනු ලැබූ නිළධෘරීන්ගේ විස්තර පහත සඳහන් වේ.

සෑම අතින්ම දක්‍ෂ නිළධාරියා
ස්කොඞ්රන් ලීඩර් කේආර්එස් කලල්පිටිය (සැපයුම්)

සෑම අතින්ම දක්‍ෂ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නොවන නිළධාරියා
ස්කොඞ්රන් ලීඩර් එම්ඞී ෆස්ලේ ශෂින් හක් (නියමු නිළධාරී පොදු රාජකාරි - බංගලාදේශ ගුවන් හමුදාව)

දක්‍ෂතම පොත් සමාලෝචන නිළධාරියා
ස්කොඞ්රන් ලීඩර් එස්එම්එබ්ඞී සේනාරත්න (තාක්‍ෂණ ඉංජිනේරු)
 
දක්‍ෂතම ක‍්‍රීඩකයා
ස්කොඞ්රන් ලීඩර් ඞීඑම්ඒඞීබී දඹකොටුව (රෙජිමේන්තු)

දක්‍ෂතම කළමණාකරණ නිළධාරියා
ස්කොඞ්රන් ලීඩර් ජීආර්ඒපීසීඑල් හේවාපතිරණ (තාක්‍ෂණ ඉංජිනේරු)

දක්‍ෂතම කථිකයා
ස්කොඞ්රන් ලීඩර් එම්ඞී ෆස්ලේ ශෂින් හක් (නියමු නිළධාරී පොදු රාජකාරි - බංගලාදේශ ගුවන් හමුදාව)

ඉගෙනුම් අතින් දක්‍ෂතම නිළධාරියා
ස්කොඞ්රන් ලීඩර් කේආර්එස් කලල්පිටිය (සැපයුම්)


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි