අන්තර් ඒකක බොක්ෂිං ශූරතාවය 2016
1:53pm on Monday 11th April 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක බොක්ෂිං තරඟාවමළිය පසුගිය අපේ‍්‍රල් මස මස 08 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රිඩාගාරයේදී නිමාවට පත්විය. චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය සහ ඒකල ගුවන් හමුදා පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවය දිනා ගැනීමට සමත්කම් දක්වන ලදී.

දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ගුවන් භට පුෂ්පකුමාර සහ ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ගුවන් කාන්තා නෙරංජලා  විසින් පිළිවෙලින් පිරිමි සහ කාන්තා අංශයේ දක්‍ෂතම බොක්ෂිං ක‍්‍රීඩකයා සහ ක‍්‍රීඩිකාව වශයෙන් සම්මාන හිමි කර ගන්නා ලදි.

ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සී ආර් ගුරුසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය. ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ සාමාජිකයින්, ගුවන් හමුදා බොක්ෂිං සංචිතයේ සභාපති එයාර් කොමඩොර් ඩීජේසී වීරකොන්, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සාගර කොටකදෙණිය, නිළධාරීන් සහ සෙසු නිළයන් රැුසක් මෙම අවස්ථාවට සහභාගී විය.

   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි