භෝජනාගාර භාරකරු 2015/1 මූලික පාඨමාලාව අවසන් වෙයි
10:14am on Tuesday 19th April 2016
භෝජනාගාර භාරකරු (01/2015* පාඨමාලාවේ සහතික පත් ප‍්‍රදානය පසුගිය පසුගිය අපේ‍්‍රල් මස 07 වන දින සීගිරිය ගුවන් හුමුදා කඳවුරේ පිහිටි ගුවන් හමුදාසත්කාරක කළමණාකරණ පාසලේදී පවත්වන ලදී.

ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂකතුමන්ගේ සහ සීගිරිය ගුවන් හමුදා කඳවුරු අනදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල්එච්එන් ජයතිලකගේ මග පෙන්වීම මත මාස පහක කාලයක් පාඨමාලාව හදාරන ලදී. පාඨමාලා කාළය තුල පුහුණුවන්නන් භෝජනාගාර භාරකරුවෙකුගේ වගකීම් සහ රාජකාරීන්, කෑම පිසීමේ පටිපාටිය සහ භෝජනාගාර භාරකරුවන්ට අදාල පරිපාලන සහ පොදු රාජකාරීන් නොව ගිණුම්, සනීපාරක්‍සාව, භෝජනාගාර ගොඩනැගිලි ආරක්‍සාව සහ අළුත්වැඩියාව, ගෘහ පාලනය, සාමාන්‍ය ඉවුම් පිහුම් ප‍්‍රායෝගරැුික ක‍්‍රියාකාරකම් සහ ආහාර හා බීම වර්ග පිළිබඳ ප‍්‍රායෝගික ක5ියාකාරකම් පිළිබඳ හදාරන ලදි.

මෙම සහතික පත් ප‍්‍රදානය සඳහා පුහුණුවන්නන්, නිළධාරීන්, සෙසු නිළ උපදේශකයින් සහ පාසලේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්වූ අතර (01/2015ෆ භෝජනාගාර භාරකරු පාඨමාලාව හැදෑරූ ආධුනික පුහුණුවන්නන් 42 නෙකු සහතික පත් ලබා ගන්නා ලදී.

ගුවන් හමුදා නියෝජ්‍ය සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ඩබ්එම්කේඑස්පී වීරසිංහ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මෙම අවස්ථාවට එක් විය.

සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණත්‍ධත්‍ණ ණීලධාරීතුමන්, සත්කාරක කළමණාකරණ පාසලේ ප‍්‍රධාන උපදේශක ස්කොඩ්රන් ලීඩර් එකේජීබීඑම්එස් කුලරත්න, ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුනු පසාලේ තාක්‍ෂණ නොවන අංශයේ ප‍්‍රධාන උපදේශක ස්කොඩ්රන් ලීඩර් එන්එම්ඒ සකී, නිළධාරීන්, සෙසු නිළයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

පාඨමාලාවේ හොඳම හීෂ්‍යයාට හිමි සම්මානය දිනා ගැනීමට ගුවන් කාන්තා ඒකනායක සමත් විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි