ගුවන් හමුදාව අවුරුදු සමරයි
10:16am on Tuesday 19th April 2016
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාසේවා වනිතා ඒකකය, ගුවන් හමුදා සුභ සාධක ධ්‍යක්‍ෂකය සහ කොළඹ ගුවන් හමුදා කඳවුර එක්ව සංවිධානය කරන ලද 2016 බක්මහ උලෙල සහ අවුරුදු පොල පසුගිය අපේ‍්‍රල් මස 11 වන දින කොළඹ ගුවන් හමුදා කඳවුරු ලරයිෆල් ග‍්‍රීන් ක‍්‍රිඩාංගනයේදී පවත්වන ලදී.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් අවුරුදු පොල සඳහා සහභාගී වූ අතර බක්මහ උළෙල සඳහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය සහභෘගී වූවාය.

බක්මහ උළෙලේ විවිධ ක‍්‍රීඩා අංග රැුසක් අන්තරගත වූ අතර එහිදී ජන ක‍්‍රිඩාවට මුල් තැනක් ලබා දී තිබිනි. මෙහිදී පංච කෙළිය, කොට්ටා පොර, කනා මුට්ටිය, කඹ ඇදීම ආදී ක‍්‍රිඩා රැුසක් පවත්වන ලදි. එසේම බක්මහ උළෙලක අලංකාරම අංගය වන අවුරුදු කුමාරයා සහ අවුරුදු කුමාරිය තේරීමේ තරග’යද පවත්වන ලදී.

ගුවන් හමුදා අද්‍යඞෂ මණ්ඩලයේ සාමාජිකයින්, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයවාර් කොමඩෝර් ප5සන්න පායෝ අතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්විය.

නිළධාරීන්, සෙසු නිළදයන් සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ ඔවුනගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැුසක් මෙම අවස්ථාවට එක්විය. අවුරුදු ලකුමාරයා සහ අවුරුදු කුමාරි ගුවන් හමුදාධිපතිතුමන් සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මිය  අතින් තම ත්‍යාග ලබා ගන්නා ලදී.

2016 සිංහල හිංදු අළුත් අවුරුද්ද සමරමින් ගුවන් හමුදාවේ ප‍්‍රධාන වැඩසටහන මෙලෙස කොළඹ ගුවන් හමුදා කඳවුරේදී පවත්වනු ලැබූ අතර ඊට සමගාමීව අනෙකුත් කඳවුරු වලද වැඩසටහන් පවත්වන ලදී.




SLAF Station BIA



SLAF Station Wirawila



Sri Lanka Air Force Base Vavuniya



SLAF Station Palavi



SLAF Base Hingurakgoda



SLAF CTS Vanni



SLAF Base Ratmalana



SLAF CTS Diyatalawa



SLAF Station Mirigama



SLAF Base Anuradhapura



SLAF Station Koggala



SLAF Academy China Bay



SLAF Station Ampara



SLAF Base Katunayake



SLAF Station Morawewa



SLAF TTS Ekala
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි