ජලයෙන් සිදුවන හදිසි ආපදා තත්වයකදී ඉන් මුදවා ගැනීමේ පුහුණුවක්
8:33am on Friday 22nd April 2016
ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඛෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානා භාවිතා කරමින් හදිසි ආපදා තත්වයකදී අනතුරට පත් පුද්ගලයින් හෙලිකොප්ටර් යානා හා කඹ ආධාරයෙන් ඉන් මුදවා ගන්නා ආකාරය ප්‍රායෝගිකව විදහා දක්වන නිදර්ශණාත්මක පුහුණුවක් පානදුර වෙරළ උද්‍යානය අසල මුහුදු තීරයේදී 2016 අප්‍රේල් මස 20 වන දින උදෑසන සිදු කෙරිණ.

පසුගිය කාල වකවානුවේ ගංවතුර උවදුරු හා මුහුදේදී අනතුරු සිදුවු අවස්ථාවන් වලදී අනතුරට පත්වූ පුද්ගලයින්ගේ ජීවිත බේරා ගැනීමේ ක්‍රියාදාම රැසකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දායකත්වය සපයා ඇති අතර මෙම පුහුණු පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වනුයේ ඉදිරි කාලය තුළදී ඇති විය හැකි එවැනි ආපදා තත්වයන්ට සාර්ථකව මුහුණදිය යුතු ආකාරය පිළිබදව ප්‍රගුණ කිරිමයි.

මෙම පුහුණු පාඨමාලාව සදහා ගුවන් නියමුවන් , ගුවන් හමුදා ගිනි නිවීෙමි භටයින් , ගුවන් අවිකරුවන් , ගුවන් හමුදා විශේෂ කාර්්‍ය බලකා භටයින් හා අවිකරුවන් ඇතුලූ පිරිසක් සහභාගී වු අතර 2016 අප්‍රේල් මස 18 වන දින සිට දින 03 ක් පුරාවට මෙම පුහුණු පාඨමාලාවේ පෙර පුහුණුවීමි සිදු කරන ලදි.
 
මෙම පුහුණු පාඨමාලාව ගුවන් හමුදා අංක 04 හෙලිකොප්ටර් බලඝණය විසින් එම බලඝණයේ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් කාලිංග මහීපාල මහතාගේ අධීක්ෂණය යටතේ සාර්ථකව අවසන් කරන ලදී.



වීඩියෝව නරඹන්න

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි